1. 13. 9-12.
කූට සූත්‍ර
147-150. “මහණෙනි, යම්සේ කූටාගාරයාගේ යම් ඒ පරාලවෙද්ද ඒ සියල්ල මුදුන අනුව ගියාහු වෙත්. මුදුනට නැමුණාහු වෙත්. මුදුනෙහි සංග්‍රහ වේ. ඒ පරාලවලට මුදුන අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඔවුන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 13-16.
මූල සූත්‍ර
151-154. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳැති මුල් වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් කළු අගිල් අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 17-20.
සාර සූත්‍ර
155-158. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳැති අරටු වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් රත් සඳුන් අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 21-24.
වස්සික සූත්‍ර
159-162. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳ මල් වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් දෑසමන් මල අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 25-28.
රාජ සූත්‍ර
163-166. “මහණෙනි, යම් සේ යම් ඒ කුඩා රජවරු වෙද්ද? ඒ සියලුදෙනා සක්විති රජුට අනුව පවත්නාහු වෙත්. ඔවුන් අතුරෙන් සක්විති රජතෙම අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 29-32.
චන්දිම සූත්‍ර
167-170. “මහණෙනි, යම්සේ යම් ඒ තාරකාවන්ගේ ආලෝකයක් වේද? ඒ සියල්ල චන්ද්‍රාලෝකයෙන් සොළොස්වැනි කලාවකටද නොඅගී. චන්ද්‍රාලෝකය ඒ සියල්ල අතරෙන් අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, මේ අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 33-36.
සුරිය සූත්‍ර
171-174. “මහණෙනි, යම් සේ සරත් කාලයෙහි වලාකුළු පහ වී පිරිසිදු වූ අහසෙහි, අහසට නැඟෙන්නා වූ සූර්යයා අහසෙහි වූ සියලු අඳුර නසා බබළයි ද, තවයි ද, දිලිසෙයි ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 37-40.
වත්ථ සූත්‍ර
175-178. “මහණෙනි, යම්සේ යම් ඒ නූල්වලින් වියනලද වස්ත්‍ර අතුරෙන් කසී වස්ත්‍ර අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩාද? ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
(යදපි තථාගතං, තදපි විත්ථාරෙතබ්බං).
අප්පමාදපෙය්‍යාලවග්ගො පඤ්චමො.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය සහ දසවැනි වත්ථ සූත්‍රයයි.