1. 13. 33-36.
සුරිය සූත්ර
171-174. “මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වළාකුල් හා වර්ෂාව පහවීමෙන් පිරිසිදුවූ අහසට නැඟී සූර්යයා අහසෙහිවූ සියලු අන්ධකාරය පහකොට ආලෝක කරන්නේද දිලිසෙන්නේද බබලන්නේද වෙයි. මහණෙනි, එමෙන්ම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල වනාහී අප්රමාදය මුල් කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්රය. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 37-40.
වත්ථ සූත්ර
175-178. “මහණෙනි, යම්සේ යම් ඒ නූල්වලින් වියනලද වස්ත්ර අතුරෙන් කසී වස්ත්ර අග්රයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්රමාදයෙහි ඇතුළත් වෙත්. අප්රමාදය ඒ කුසල ධර්මයන්ට අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩාද? ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
(යදපි තථාගතං, තදපි විත්ථාරෙතබ්බං).
අප්පමාදපෙය්යාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය සහ දසවැනි වත්ථ සූත්රයයි.
14. බලකරණීය වර්ගය
1. 14. 1.
බල සූත්රය
149. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “යම්සේ මහණෙනි, යම්කිසි ශරීර බලයෙන් කළයුතු ක්රියා ඇද්ද, ඒ සියලු ශරීර බලයෙන් කළ යුතු ක්රියා පොළොව නිසා පොළොවෙහි පිහිටාම කරත්. මහණෙනි, එසේම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. මහණෙනි, මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 14. 2.
දුතියබල සූත්රය
180. මහණෙනි, යම්කිසි ශරීර බලයෙන් කළයුතු ක්රියා ඇද්ද, ඒ සියලු ශරීර බලයෙන් කළ යුතු ක්රියා පොළොව නිසා පොළොවෙහි පිහිටාම කරත්. මහණෙනි, එසේම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. මහණෙනි, මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රාගය දුරු කිරීම පර්යාවසාන කොට ඇති, ද්වේෂය දුරු කිරීම පර්යාවසාන කොට ඇති, මෝහය දුරු කිරීම පර්යාවසාන කොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... රාගය දුරු කිරීම පර්යාවසාන කොට ඇති, ද්වේෂය දුරු කිරීම පර්යාවසාන කොට ඇති, මෝහය දුරු කිරීම පර්යාවසාන කොට ඇති සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩායයි.
1. 14. 3.
තතියබල සූත්රය
181. මහණෙනි, යම්කිසි ශරීර බලයෙන් කළයුතු ක්රියා ඇද්ද, ඒ සියලු ශරීර බලයෙන් කළ යුතු ක්රියා පොළොව නිසා පොළොවෙහි පිහිටාම කරත්. මහණෙනි, එසේම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. මහණෙනි, මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අමතය (නිවන) බැසගැනීම කොට ඇති, අමතය පිහිට කොට ඇති, අමතය කෙළවර කොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)...