1. 13. 25-28.
රාජ සූත්ර
163-166. “මහණෙනි, යම් සේ යම් ඒ කුඩා රජවරු වෙද්ද? ඒ සියලුදෙනා සක්විති රජුට අනුව පවත්නාහු වෙත්. ඔවුන් අතුරෙන් සක්විති රජතෙම අග්රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්රමාදය මුල් කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 29-32.
චන්දිම සූත්ර
167-170. “මහණෙනි, යම්සේ යම් ඒ තාරකාවන්ගේ ආලෝකයක් වේද? ඒ සියල්ල චන්ද්රාලෝකයෙන් සොළොස්වැනි කලාවකටද නොඅගී. චන්ද්රාලෝකය ඒ සියල්ල අතරෙන් අග්රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, මේ අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 33-36.
සුරිය සූත්ර
171-174. “මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වළාකුල් හා වර්ෂාව පහවීමෙන් පිරිසිදුවූ අහසට නැඟී සූර්යයා අහසෙහිවූ සියලු අන්ධකාරය පහකොට ආලෝක කරන්නේද දිලිසෙන්නේද බබලන්නේද වෙයි. මහණෙනි, එමෙන්ම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල වනාහී අප්රමාදය මුල් කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්රය. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 37-40.
වත්ථ සූත්ර
175-178. “මහණෙනි, යම්සේ යම් ඒ නූල්වලින් වියනලද වස්ත්ර අතුරෙන් කසී වස්ත්ර අග්රයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්රමාදයෙහි ඇතුළත් වෙත්. අප්රමාදය ඒ කුසල ධර්මයන්ට අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩාද? ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
(යදපි තථාගතං, තදපි විත්ථාරෙතබ්බං).
අප්පමාදපෙය්යාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය සහ දසවැනි වත්ථ සූත්රයයි.