1. 10. 5.
පඤ්චම පාචීනනින්න සූත්රය
107. මහණෙනි, යම්සේ මහී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්රය
108. මහණෙනි, යම් ඒ මහා ගංගා කෙනෙක් වෙත් ද, එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහුය. ඒ සියල්ලෝ පෙරදිගට නැමී, පෙරදිගට හැරී, පෙරදිගට බරව පවතිත් ද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 7.
7. සමුද්දනින්න සූත්රය
109. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයිද. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද, මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ.
1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්රය
110. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්රය
112. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 11.
පඤ්චම සමුද්දනින්න සූත්රය
113. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයිද, එසේම මහණ තෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 10. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්රය
114. මහණෙනි, යම් ඒ මහා ගංගා කෙනෙක් වෙත් ද, එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහුය. ඒ සියල්ලෝ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවතිත් ද, එසේම මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ.
දුතිය ගංගා පෙය්යාලය නිමි.
එහි උද්දානය:
පෙරදිගට නැමී ගිය සයක් ද, මුහුදට නැමී ගිය සයක් ද වේ. මේ දෙකොටස දොළසක් වෙති. එහේතුවෙන් වර්ගය යයි කියනු ලැබේ.