1. 10. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
108. මහණෙනි, යම් මහා නදී කෙනෙක් වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු ය. ඒ සියල්ලෝ පෙරදිගට නැමී, පෙරදිගට හැරී, පෙරදිගට බරව පවතිත් ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 7.
සමුද්දනින්න සූත්‍රය
109. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ නම් නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බර වූයේ වේ.
1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
110. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්‍රය
112. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
113. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
114. මහණෙනි, යම් මහා නදී කෙනෙක් වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු ය. ඒ සියල්ලෝ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවතිත් ද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ නම් නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බර වූයේ වේ.
දුතිය ගංගා පෙය්යාලය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
පෙරදිගට නැමීම ගැන සූත්‍ර සයක් ද, මුහුදට නැමීම ගැන සූත්‍ර සයක් ද වේ. මේ දෙකොටස සූත්‍ර දොළසක් වෙයි. එයින් වර්ගය යයි කියනු ලැබේ.