1. 1. 2.
2. උපඩ්ඪ සූත්රය
2. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි නාගරක නම් ශාක්යයන්ගේ නියම්ගමෙහි වැඩ වසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, යම් ඒ කල්යාණ මිත්රයන් ඇති බවය, කල්යාණ මිත්රයන් සහායකොට ඇති බවය, කල්යාණ මිත්රයන් කෙරෙහි සිත නැමී පවත්නා බවය යන මෙය මාර්ගබ්රහ්මචර්යාව ලැබීම පිණිස කොටසක් (බාගයක්) වෙයි” යනුයි. “ආනන්දය, එය එසේ නොවෙයි. ආනන්දය, එය එසේ නොවෙයි. “ආනන්දය, යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද, කල්යාණ මිත්රයින් සහායකොට ඇති බවක්වේද, කල්යාණ මිත්රයින් කෙරෙහි සිත නැමී පවත්නා බවක් වේද, මුළු මාර්ග බ්රහ්මචර්යාවම එය නිසා පවත්නේය. “ආනන්දය, කල්යාණ මිත්රයින් ඇති, කල්යාණ මිත්රයින් සහායකොට ඇති, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇති භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩන්නේයයි කැමති විය යුතුය.
[2] “ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම (තදංගවික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ) නම් පඤ්චවිධ විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, (පරිච්චාග පක්ඛන්දන) වශයෙන් දෙවැදෑරුම්වූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනාවූ සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, කෙලෙස් ප්රහාණය පිණිස නැමුනාවූ සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණු සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්රහාණය පිණිස සම්යක් සමාධිය වඩයි.
[3] “ආනන්දය, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇත්තාවූ කල්යාණ මිත්රයින් සහායකොට ඇත්තාවූ කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇත්තාවූ මහණතෙම ආර්යඅෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලකොට වඩයි. ආනන්දය, මේ සියලුම ආර්ය මාර්ගය කල්යාණ මිත්රයින් ඇතිබව නිසාම, කල්යාණමිත්ර සහායත්වය නිසාම, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබව නිසාම, පවත්නාබව මේ ආකාරයෙන් දත යුතුය. ආනන්දය, කල්යාණ මිත්රවූ මා නිසා ඉපදීම ස්වභාවකොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති.
මරණය ස්වභාව කොට සත්වයෝ මරණයෙන් මිදෙති. සෝක, වැළපීම්, දුක්, දොම්නස්, උපායාසයන් ස්වභාවකොට ඇති සත්වයෝ ඒ සෝක වැලපීම් දුක් දොම්නස්, උපායාසයන්ගෙන් මිදෙත්. “ආනන්දය, සියලු ආර්ය මාර්ගයම යම් මේ කල්යාණ මිත්රයින් ඇති බව කල්යාණ මිත්රයින් සහායකොට ඇති බව කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇති බව නිසාම පවත්නාබව මේ ක්රමයෙන් දතයුතුය.”
1. 1. 3.
3. සාරිපුත්ත සූත්රය
3. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, යම් ඒ කල්යාණ මිත්රයින් ඇතිබවක්වේද කල්යාණමිත්රයින් සහායකොට ඇති බවක් වේද, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබවක් වේද එය මේ සියලු ආර්යමාර්ගය පිණිස පවත්නේය.” “සාදු! සාදු! ශාරිපුත්රය! ශාරිපුත්රය! යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද, කල්යාණ මිත්රයින් සහායකොට ඇතිබවක් වේද, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුනු සිත් ඇති බවක් වේද, එය සියලු ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පිණිස වෙයි. “ශාරිපුත්රය, කල්යාණ මිත්රයින් ඇති කල්යාණ මිත්රයින් සහායකොට ඇති කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුණු සිත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි කැමති විය යුතුය.
ශාරිපුත්රය, කෙසේ නම් භික්ෂුව කල්යාණ මිත්රයින් ඇතිව, කල්යාණ මිත්රයින් සහාය කොට ඇතිව, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුණු සිත් ඇතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කෙරේද? ශාරිපුත්රය, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, වොස්සග්ගපරිණාමී වූ සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, වොස්සග්ගපරිණාමී වූ සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්යක් සමාධිය වඩයි. ශාරිපුත්රය, මෙසේ වනාහි භික්ෂුව කල්යාණ මිත්රයින් ඇතිව, කල්යාණ මිත්රයින් සහාය කොට ඇතිව, කල්යාණ මිත්රයින් කෙරෙහි නැමුණු සිත් ඇතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කරයි.
ශාරිපුත්රය, මේ ක්රමයෙන්ද මෙය දත යුතුය: යම් හෙයකින් මුළු මහත් බ්රහ්මචර්යාවම කල්යාණ මිත්රතාවයද, කල්යාණ සහායතාවයද, කල්යාණ සම්පවංකතාවයද වේ. ශාරිපුත්රය, කල්යාණ මිත්රවූ මා නිසා ඉපදීම ස්වභාවකොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති, ජරාව ස්වභාවකොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති, මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් මිදෙති. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් ස්වභාවකොට ඇති සත්වයෝ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගෙන් මිදෙත්. ශාරිපුත්රය, මේ ක්රමයෙන් මෙය දතයුතුය: යම් හෙයකින් මුළු මහත් බ්රහ්මචර්යාවම කල්යාණ මිත්රතාවයද, කල්යාණ සහායතාවයද, කල්යාණ සම්පවංකතාවයද වේ.