9. 2. 45.
සම්මාසමාධි සූත්රය
483. මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ, මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං... (මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි).
9. 2. 46-101.
අන්ත සූත්ර
484-539. මහණෙනි, තොපට සසර කෙළවරද දේශනා කරමි. සසර කෙළවරට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි. ඒ අසව්. කවරේද මහණෙනි අන්තය? -පෙ- අනුශාසනාවයි. (අසංඛතය මෙන් විස්තර කළ යුතුය).
9. 2. 102-157.
අනාසව සූත්ර
540-595. මහණෙනි, තොපට ආශ්රවයන්ගේ කෙළවර කිරීමද (අනාසවය ද) දේශනා කරන්නෙමි. ආශ්රවයන් කෙළවර කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 158-213.
සච්ච සූත්ර
596-651. මහණෙනි, තොපට සත්යයද දේශනා කරන්නෙමි. සත්යයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 214-269.
පාර සූත්ර
652-707. මහණෙනි, තොපට පරතෙරද දේශනා කරන්නෙමි. පරතෙරට යන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 270-325.
නිපුණ සූත්ර
708-763. මහණෙනි, තොපට සියුම් ධර්මයද දේශනා කරන්නෙමි. සියුම් ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 326-381.
සුදුද්දස සූත්ර
764-819. මහණෙනි, තොපට දැකීමට දුෂ්කර ධර්මයද දේශනා කරන්නෙමි. දැකීමට දුෂ්කර ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 382-437.
අජර සූත්ර
820-875. මහණෙනි, තොපට ජරාවක් නැති ධර්මයද දේශනා කරන්නෙමි. ජරාවක් නැති ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 438-493.
ධුව සූත්ර
876-931. මහණෙනි, තොපට නිත්යභාවයද දේශනා කරන්නෙමි. නිත්ය ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 494-549.
අපලොකිත සූත්ර
932-987. මහණෙනි, තොපට විනාශ නොවන ස්වභාවයද දේශනා කරන්නෙමි. විනාශ නොවන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 550-605.
අනිදස්සන සූත්ර
988-1043. මහණෙනි, තොපට ඇසින් නොදැක්කහැකි ස්වභාවයද දේශනා කරන්නෙමි. ඇසින් නොදැක්කහැකි ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්ර
1044-1099. මහණෙනි තොපට (තෘෂ්ණා, දෘෂ්ටි, මාන) යන ප්රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනාවූ ස්වභාවයද දේශනා කරන්නෙමි. ප්රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනු ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.