9. 2. 46-101.
අන්ත සූත්‍ර
484-539. මහණෙනි, තොපට සසර කෙළවරද දේශනා කරමි. සසර කෙළවරට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි. ඒ අසව්. කවරේද මහණෙනි අන්තය? -පෙ- අනුශාසනාවයි. (අසංඛතය මෙන් විස්තර කළ යුතුය).
9. 2. 102-157.
අනාසව සූත්‍ර
540-595. මහණෙනි, තොපට ආශ්‍රවයන්ගේ කෙළවර කිරීමද (අනාසවය ද) දේශනා කරන්නෙමි. ආශ්‍රවයන් කෙළවර කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 158-213.
සච්ච සූත්‍ර
596-651. මහණෙනි, තොපට සත්‍යයද දේශනා කරන්නෙමි. සත්‍යයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 214-269.
පාර සූත්‍ර
652-707. මහණෙනි, තොපට පරතෙරද දේශනා කරන්නෙමි. පරතෙරට යන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 270-325.
නිපුණ සූත්‍ර
708-763. මහණෙනි, තොපට සියුම් ධර්මයද දේශනා කරන්නෙමි. සියුම් ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 326-381.
සුදුද්දස සූත්‍ර
764-819. මහණෙනි, තොපට දැකීමට දුෂ්කර ධර්මයද දේශනා කරන්නෙමි. දැකීමට දුෂ්කර ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 382-437.
අජර සූත්‍ර
820-875. මහණෙනි, තොපට ජරාවක් නැති ධර්මයද දේශනා කරන්නෙමි. ජරාවක් නැති ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 438-493.
ධුව සූත්‍ර
876-931. මහණෙනි, තොපට නිත්‍යභාවයද දේශනා කරන්නෙමි. නිත්‍ය ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 494-549.
අපලොකිත සූත්‍ර
932-987. මහණෙනි, තොපට විනාශ නොවන ස්වභාවයද දේශනා කරන්නෙමි. විනාශ නොවන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 550-605.
අනිදස්සන සූත්‍ර
988-1043. මහණෙනි, තොපට ඇසින් නොදැක්කහැකි ස්වභාවයද දේශනා කරන්නෙමි. ඇසින් නොදැක්කහැකි ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්‍ර
1044-1099. මහණෙනි තොපට (තෘෂ්ණා, දෘෂ්ටි, මාන) යන ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනාවූ ස්වභාවයද දේශනා කරන්නෙමි. ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනු ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.