6. 1. 6.
විඤ්ඤාණඤ්චායතනසුත්තං
353. “විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකාසානඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක: මොග්ගල්ලානය, මොග්ගල්ලානය බ්‍රාහ්මණය, විඤ්ඤාණඤ්චායතනයෙහි ප්‍රමාද නොවව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත තබව. “ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 7.
ආකිඤ්චඤ්ඤායතනසුත්තං
354. “ආකිඤ්චඤ්ඤාතනය, ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය: මේ ශාසනයෙහි මහණතෙම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මේ ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විඤ්ඤාණඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක: මොග්ගල්ලානය මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකිඤ්චඤ්ඤායතනයෙහි ප්‍රමාද නොවව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත තබව කියායි. “ඇවැත්නි ඒ මම පසුව සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙළෙමි. “ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරණ ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේ යයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
6. 1. 8.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං
355. “නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය: මේ ශාසනයෙහි මහණතෙම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. “ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකිඤ්චඤ්ඤායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙය වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අප්‍රමාදවව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත තබව’ කියායි. “ඇවැත්නි, ඒ මම පසුව සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහය කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”