6. 1. 34-41.
සන්තුසිත සූත්ර
381-388. ඉක්බිති සන්තුසිත දේවපුත්රයා ...පෙ... දිව්ය ස්පර්ශයෙන්දැයි (සෙසු දෙවියන් ඉක්මවා සිටිත්).
6. 1. 42-49.
සුනිම්මිත සූත්ර
389-396. ඉක්බිති සුනිම්මිත දේවපුත්රයා ...පෙ... දිව්ය ස්පර්ශයෙන්දැයි (සෙසු දෙවියන් ඉක්මවා සිටිත්).
6. 1. 50-57.
වසවත්තී සූත්ර
397-404. ඉක්බිති වසවත්තී දේවපුත්රයා ...පෙ... දිව්ය ස්පර්ශයෙන්දැයි (සෙසු දෙවියන් ඉක්මවා සිටිත්).
(සක්ක සූත්ර මෙන්ම මේ සූත්රද විස්තර කළ යුතුය).
මොග්ගල්ලාන වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
සවිතක්ක, අවිතක්ක, සුඛ, උපේක්ෂා, ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන, අනිමිත්ත යන මේවායින් නවයක්ද, සක්ක, නන්දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්තී යන මොවුන්ගෙන් අට බැගින්ද වේ. මෙසේ (සූත්ර) පනස් හතක් වෙති.
මොග්ගල්ලාන සංයුත්තය නිමි.
7. චිත්ත සංයුත්තය
1. චිත්ත වර්ගය
7. 1. 1.
1. සංයෝජන සූත්රය
405. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කරත්. එකල්හි වනාහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව හුන්නාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි, සංයෝජන සංයෝජනීය ධර්ම යන මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහුද,’යන මේ කථාව පහළ විය.
එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ නානාර්ථ ඇත්තාහුද, නානාව්යඤ්ජන ඇත්තාහුද, වෙත්යයි’ කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු’ වෙත් යයි කියන ලදී.
එකල්හි වනාහි චිත්ත ගෘහපතිතෙම කිසියම් කටයුත්තක් සඳහා මිගපථක නම් ගමට පැමිණියේය. චිත්ත ගෘහපතිතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහු, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද, නැතහොත් එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්ද’යන මේ අතුරු කථාව පහළවීය; එහිදී ඇතැම් තෙරුන් විසින් ‘ඇවැත්නි, සංයෝජන නම් වූද, සංයෝජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්යඤ්ජන ඇත්තාහුද වෙත්යයි’කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි සංයෝජන නම්වූද, සංයෝජනීය ධර්ම නම්වූද, යන මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු, ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත්යයි කියන ලදැයි’ ඇසූයේය. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම, ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීවේය: