6. 1. 17.
අටවන සක්ක සූත්රය
364. එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් හයසියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් සත්සියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් අටසියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් අසූ දහසක් සමඟද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
දේවේන්ද්රය, බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්යක් සම්බුද්ධය, අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්යවත්ය. දේවේන්ද්රය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්.
දේවේන්ද්රය, ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. එහි ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල්නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගත යුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහි ලා දත යුතුයි. දේවේන්ද්රය, මෙසේ ධර්මය කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද ...පෙ... දිව්ය ස්පර්ශයෙන්ද යනකරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්.
දෙවේන්ද්රය, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපති. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා සෘජුව පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා ගරු බුහුමනට යෝග්යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරිස පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්යවතුන් වහන්සේගේ මේ ශ්රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරන ලද ප්රත්යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ ප්රත්ය පිළිගැනීමට සුදුසුවූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇදිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය. දේවේන්ද්රය, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද ...පෙ... දිව්ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්. දේවේන්ද්රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුණු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසන ලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වා ගනු නොලැබූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් විසින් කැමැති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ. දේවේන්ද්රය, මෙසේ ආර්යයන් කැමැති වන්නාවූ ශීලයෙන් සමන්විතවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද යන දශවිධ කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපති, ‘ඒ භාග්යවතුන් වහන්සේ ...පෙ... ශාස්තෲවරය, බුද්ධය, භාග්යවත්ය’යි. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද ...පෙ... දිව්ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ ‘භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී ...පෙ... නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’යි. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මයෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද ...පෙ... දිව්ය ස්පර්ශයෙන්ද යන දස කාරණයකින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ ‘භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා සෘජුව පිළිපන්නේය ...පෙ... ලෝකයාගේ නිරුත්තර පින්කෙතය’යි. නිදුකාණෙනි, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද ...පෙ... දිව්ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.