6. 1. 14.
පඤ්චම සක්ක සූත්රය
361. ඉක්බිති ශක්ර දේවේන්ද්ර තෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය -පෙ- එකත්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක: දේවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණ යාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්ය දෙවියන් අභිබවා යති: දිව්ය ආයුෂයෙන්, දිව්ය වර්ණයෙන්, දිව්ය සැපයෙන්, දිව්ය යසසින්, දිව්ය ආධිපත්යයෙන්, දිව්ය රූපවලින්, දිව්ය ශබ්දවලින්, දිව්ය ගන්ධයන්ගෙන්, දිව්ය රසයන්ගෙන්, දිව්ය ස්පර්ශයන්ගෙන්.
දේවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්ය දෙවියන් අභිබවා යති: දිව්ය ආයුෂයෙන්, දිව්ය වර්ණයෙන්, දිව්ය සැපයෙන්, දිව්ය යසසින්, දිව්ය ආධිපත්යයෙන්, දිව්ය රූපවලින්, දිව්ය ශබ්දවලින්, දිව්ය ගන්ධයන්ගෙන්, දිව්ය රසයන්ගෙන්, දිව්ය ස්පර්ශයන්ගෙන්.
දේවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්ය දෙවියන් අභිබවා යති: දිව්ය ආයුෂයෙන්, දිව්ය වර්ණයෙන්, දිව්ය සැපයෙන්, දිව්ය යසසින්, දිව්ය ආධිපත්යයෙන්, දිව්ය රූපවලින්, දිව්ය ශබ්දවලින්, දිව්ය ගන්ධයන්ගෙන්, දිව්ය රසයන්ගෙන්, දිව්ය ස්පර්ශයන්ගෙන්.
නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්ය දෙවියන් අභිබවා යති: දිව්ය ආයුෂයෙන් -පෙ- දිව්ය ස්පර්ශයන්ගෙන්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම යහපත්වේ -පෙ- නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම යහපත් වෙයි. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ සංඝයා සරණයාම හේතු කොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දස කරුණකින් අන්ය දෙවියන් අභිබවා යති: දිව්ය ආයුෂයෙන්, දිව්ය වර්ණයෙන්, දිව්ය සැපයෙන්, දිව්ය යසසින්, දිව්ය ආධිපත්යයෙන්, දිව්ය රූපවලින්, දිව්ය ශබ්දවලින්, දිව්ය ගන්ධයන්ගෙන්, දිව්ය රසයන්ගෙන්, දිව්ය ස්පර්ශයන්ගෙන්.
6. 1. 15.
සයවන සක්ක සූත්රය
362. එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් හයසියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් සත්සියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් අටසියයක් සමඟද ...පෙ... එකල්හි සක්දෙව් රජතෙම දේවතාවන් අසූ දහසක් සමඟද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
දේවේන්ද්රය, බුදුන් සරණයාම යහපත්වේ. දේවේන්ද්රය, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්. දේවේන්ද්රය, ධර්මය සරණයාම යහපති. දේවේන්ද්රය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්. දේවේන්ද්රය, සංඝයා සරණයාම යහපති. දේවේන්ද්රය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්.
නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔවුහු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණ යාම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්ය ආයුෂයෙන්ද, දිව්ය වර්ණයෙන්ද, දිව්ය සැපයෙන්ද, දිව්ය යසසින්ද, දිව්ය අධිපති භාවයෙන්ද, දිව්ය රූපයෙන්ද, දිව්ය ශබ්දයෙන්ද, දිව්ය ගන්ධයෙන්ද, දිව්ය රසයෙන්ද, දිව්ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්ය දෙවියන් යටපත් කරත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණ යාම යහපති...පෙ... (මෙසේ සංඝයා සම්බන්ධවද යොදා ගත යුතුය).
6. 1. 16.
සත්වන සක්ක සූත්රය
363. ඉක්බිති සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට මහමුගලන් තෙරණුවෝ මෙසේ කීය.