4. 1. 4.
කිමත්ථිය සූත්‍රය
319. “ඇවැත් ශාරිපුත්‍රය, කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේද?” “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇද්ද? ප්‍රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස කවර ප්‍රතිපදාවක්, කවර මාර්ගයක් ඇත්තේද?” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අංග අටකින් යුත් ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව මේ දුක පිරිසිඳ දැනීම පිණිස වේ.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිසවූ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාවද යහපත්ය. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වෙයි.”
4. 1. 5.
අස්සාස සූත්‍රය
320. “ඇවැත් ශාරිපුත්‍රය, සැනසීමට පත්වූයේය. සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත් ශාරිපුත්‍රය, කොපමණකින් සැනසීමට පත්වූයේ වේද?” “ඇවැත්නි යම් තැනක පටන් ස්පර්ශායතන සදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, එපමණකින් ඇවැත්නි, සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට කවර මාර්ගයක්, කවර ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, ඒ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගයම වේ. ඒ කවරේද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙය සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයයි, මේ ප්‍රතිපදාවයි. “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මේ යහපත් මාර්ගයක්ය, මේ යහපත් ප්‍රතිපදාවක්ය, ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.
4. 1. 6.
පරමස්සාස සූත්‍රය
321. “ඇවැත්නි ශාරිපුත්‍රය, අතිශයින් සැනසීමට පත්වූයේය, අතිශයින් සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේ වේද?” “ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ස්පර්ශායතන, සයදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන්ගෙන් මිදුනේ වේද ඇවැත්නි, එපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ අතිශයින් සැනසීමට පැමිණීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”
“මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?” “මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගය වෙයි, ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.