4. 1. 5.
අස්සාස සූත්රය
320. “ඇවැත් ශාරිපුත්රය, සැනසීමට පත්වූයේය. සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත් ශාරිපුත්රය, කොපමණකින් සැනසීමට පත්වූයේ වේද?” “ඇවැත්නි යම් තැනක පටන් ස්පර්ශායතන සදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, එපමණකින් ඇවැත්නි, සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ සැනසීම ප්රත්යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇද්ද, ප්රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ සැනසීම ප්රත්යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත, ප්රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ සැනසීම ප්රත්යක්ෂකර ගැනීමට කවර මාර්ගයක්, කවර ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, ඒ සැනසීම ප්රත්යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගයම වේ. ඒ කවරේද? සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මෙය සැනසීම ප්රත්යක්ෂ කිරීමට මාර්ගයයි, මේ ප්රතිපදාවයි. “ඇවැත්නි, මේ සැනසීම ප්රත්යක්ෂ කිරීමට මේ යහපත් මාර්ගයක්ය, මේ යහපත් ප්රතිපදාවක්ය, ඇවැත් ශාරිපුත්රය, අප්රමාදයට සුදුසුද වේ.
4. 1. 6.
පරමස්සාස සූත්රය
321. “ඇවැත්නි ශාරිපුත්රය, අතිශයින් සැනසීමට පත්වූයේය, අතිශයින් සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේ වේද?” “ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ස්පර්ශායතන, සයදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන්ගෙන් මිදුනේ වේද ඇවැත්නි, එපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ අතිශයින් සැනසීමට පැමිණීමට මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ පරම සැනසීම ප්රත්යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත. ප්රතිපදාවක් ඇත.”
“මේ අතිශයින් සැනසීම ප්රත්යක්ෂකර ගැනීමට මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “මේ පරම සැනසීම ප්රත්යක්ෂ කර ගැනීමට මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වෙයි. ඒ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේය. මේ අතිශයින් සැනසීම ප්රත්යක්ෂ කර ගැනීමට මාර්ගය වෙයි, ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ අතිශයින් සැනසීම ප්රත්යක්ෂකර ගැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්රතිපදාවකි. ඇවැත් ශාරිපුත්රය, අප්රමාදයට සුදුසුද වේ.
4. 1. 7.
වෙදනා සූත්රය
322. “ඇවැත් ශාරිපුත්රය, වේදනාව, වේදනාවයයි කියනු ලැබේ. ඇවැත්නි, වේදනාව කවරේද?” “ඇවැත්නි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපෙක්ෂා වේදනාය යන මොවුහුය. ඇවැත්නි, මේ වේදනා තුනයි. “ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්රතිපදාවක් ඇත.”
“මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට මේ මාර්ගයයි, මේ ප්රතිපදාවයි.” “ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්රය, අප්රමාදයටද සුදුසුයි.”
4. 1. 8.
ආසව සූත්රය
323. “ඇවැත්නි, ශාරිපුත්රය, ආශ්රවය, ආශ්රවයයි කියනු ලැබේ. ඇවැත්නි, ආශ්රවය කවරේද?” “ඇවැත්නි, කාමාශ්රවය, භවාශ්රවය, අවිද්යාශ්රවයයි මේ ආශ්රවයෝ තිදෙනෙකි. ඇවැත්නි, මොවුහු වනාහි ආශ්රවයෝයි. “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇද්ද, ප්රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත, ප්රතිපදාවක් ඇත.” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණයට යහපත් මාර්ගයකි. යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරීපුත්රය, අප්රමාදයටද සුදුසුය.”
4. 1. 9.
අවිජ්ජා සූත්රය
324. “ඇවැත් ශාරීපුත්රය, අවිද්යාව අවිද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව කවරීද, ඇවැත්නි, යම් දුකෙහි නොදැනීමක් වේද, දුකට හේතුවෙහි යම් නොදැනීමක් වේද? දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් ඇද්ද, දුක් නැති කරන මාර්ගයෙහි යම් නොදැනීමක් වේද, ඇවැත්නි, මේ අවිද්යාවයි.” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත. ප්රතිපදාවක් ඇත.” “අවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස ඇති මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස යම් මේ සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ක මාර්ගය වෙයි. මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මේ මාර්ගයයි. මේ ප්රතිපදාවයි.” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණයට යහපත් මාර්ගයකි, යහපත් ප්රතිපදාවකි, ඇවැත් ශාරීපුත්රය, අප්රමාදයටද සුදුසුය.”