3. 3. 5.
අංග සූත්රය
310. “මහණෙනි, ස්ත්රියගේ මේ බලපසක් වෙත්. කවර බල පසක්ද යත්; රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන පසයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන් යුක්තවේද, ධනබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, ස්ත්රිය යම් හෙයකින් රූපබලයෙන්ද ධනබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද, යුක්තවේද, ඤාතිබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, යම් හෙයකින් ස්ත්රිය රූපබලයෙන්ද, යුක්තවේද, ධනබලයෙන්ද යුක්තවේද, ඤාති බලයෙන්ද යුක්ත වේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවේ.
මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද යුක්ත වේද, ඤාතිබලයෙන්ද යුක්තවේද, පුත්ර බලයෙන් යුක්ත නොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණවෙයි. මහණෙනි, යම්හෙයකින් ස්ත්රිය රූප බලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්රබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද, පුත්රබලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වේ. මහණෙනි, යම්හෙයකින් ස්ත්රිය රූපබලයෙන්ද, ධන බලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්රබලයෙන්ද, සීලබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණ වෙයි. මහණෙනි, මොවුහු ස්ත්රියගේ බලපස වෙත්.”
3. 3. 6.
නාසිතබ්බ සූත්රය
311. “මහණෙනි, ස්ත්රියගේ මේ බල පසෙකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන පසයි. මහණෙනි ස්ත්රිය රූපබලයෙන් යුක්තවේද, සීල බලයෙන් යුක්තනොවේද, ඇය නසන්නාහුමය. එළවා දමත්. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද ධනබලයෙන්ද යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද යුක්තවේද සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්ර බලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුය. ගෘහයෙහි වාසය නොකරවත්.”
“මහණෙනි, යම්තැනක පටන් ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්රබලයෙන්ද, සීලබලයෙන්ද, යුක්තවේද, ඇය ගෘහයෙහි වාසය කරවත්, නොනසවත්. මහණෙනි, ස්ත්රිය සීලබලයෙන් සමන්විත වේද රූපබලයෙන් යුක්ත නොවේද, ඇය කුලයෙහි වාසය කරවත්. නොනසත්. මහණෙනි, ස්ත්රිය සීලබලයෙන් යුක්තවේද, ධනබලයෙන් යුක්ත නොවේද, ඇය නොනසත්. ගෘහයෙහි වාසය කරවත්. මහණෙනි, ස්ත්රිය සීලබලයෙන් යුක්ත වේද, ඤාති බලයෙන් යුක්ත නොවේද ඇය ගෘහයෙහි වාසය කරවත්. නොනසත්.”
“මහණෙනි, ස්ත්රිය සීලබලයෙන් යුක්තවේද පුත්ර බලයෙන් යුක්ත නොවේද ඇය ගෘහයෙහි වාසය කරවත්. නොනසත්. මහණෙනි, මොවුහු ස්ත්රියගේ බලපස වෙත්.”
3. 3. 7.
හෙතු සූත්රය
312. “මහණෙනි, ස්ත්රියගේ මේ බලපසකි. ඒ කවර පසක්ද යත්; රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන පසයි. මහණෙනි, රූපබල හේතුවෙන් හෝ ධනබල හේතුවෙන් හෝ ඤාතිබල හේතුවෙන් හෝ පුත්රබල හේතුවෙන් හෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි නූපදී. මහණෙනි, ස්ත්රියගේ සීලබල හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදී. මහණෙනි, මොවුහු වනාහි ස්ත්රියගේ බල පස වෙත්.”
3. 3. 8.
ඨාන සූත්රය
313. “මහණෙනි, නොකළ පින් ඇති ස්ත්රිය විසින් මේ කරුණු පසක් දුකසේ ලැබිය යුත්තාහ. මහණෙනි, කවර පසක්ද යත්; සුදුසු කුලයක උපදින්නෙමියි යන මෙය නොකළ පින් ඇති ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභවූ පළමුවෙනි කරුණවෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභ දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වාසය කරන්නෙමි යන මේ කාරණය නොකළ පින් ඇති ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභ තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්රයන් ඇත්තියක් වන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභ සතරවන කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා පවතින්නෙමියි යන මෙය නොකළ පින් ඇත් ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභවූ පස්වෙනි කාරණය වෙයි. මහණෙනි, මේ කරුණු පස නොකළ පින් ඇති ස්ත්රිය විසින් ලැබීමට දුර්ලභ කරුණු පසවෙත්."