3. 3. 2.
විසාරද සූත්රය
307. “මහණෙනි, ස්ත්රියගේ මේ බල පසකි. කවර බල පසක්දයත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය සීලබලය යන පසයි. මහණෙනි, මොවුහු ස්ත්රියගේ බල පස වෙත්. මහණෙනි, මේ බල පසින් යුක්තවූ ස්ත්රිය නිර්භයව ගෙයි වාසය කරයි”.
3. 3. 3.
පසය්හ සූත්රය
308. “මහණෙනි, ස්ත්රියගේ මේ බල පසකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන මොවුහුයි. මහණෙනි, මේ ස්ත්රියගේ බලපස වෙති. මේ බලපසින් යුක්ත ස්ත්රිය ස්වාමියා මැඩපවත්වා ගෙයි වාසය කරයි.”
3. 3. 4.
අභිභුය්හ සූත්රය
309. “මහණෙනි, ස්ත්රියගේ මේ බලපසකි. කවර පසක්ද යත්? රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය, යන මොවුහුයි. මහණෙනි, මේ ස්ත්රියගේ බලපස වෙති. මහණෙනි, මේ බල පසින් යුක්ත ස්ත්රිය ස්වාමියා මැඩපවත්වා වසයි.
මහණෙනි, මේ එක්බලයකින් යුක්ත පුරුෂතෙම ස්ත්රිය මැඩපවත්වා වසයි. කවර එකකින්ද, ‘අධිපතිභාවයෙනි’. අධිපති භාවයෙන් බලයෙන් මඩනාලද ස්ත්රිය රැකීමට රූපබලය සමත් නොවේ, ධනබලය සමත්නොවේ. ඤාතිබලය සමත් නොවේ, පුත්රබලය සමත් නොවේ. සීලබලය සමත්නොවේ.”
3. 3. 5.
අංග සූත්රය
310. “මහණෙනි, ස්ත්රියගේ මේ බලපසක් වෙත්. කවර බල පසක්ද යත්; රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන පසයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන් යුක්තවේද, ධනබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, ස්ත්රිය යම් හෙයකින් රූපබලයෙන්ද ධනබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද, යුක්තවේද, ඤාතිබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, යම් හෙයකින් ස්ත්රිය රූපබලයෙන්ද, යුක්තවේද, ධනබලයෙන්ද යුක්තවේද, ඤාති බලයෙන්ද යුක්ත වේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවේ.
මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද යුක්ත වේද, ඤාතිබලයෙන්ද යුක්තවේද, පුත්ර බලයෙන් යුක්ත නොවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණවෙයි. මහණෙනි, යම්හෙයකින් ස්ත්රිය රූප බලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්රබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද, පුත්රබලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් අසම්පූර්ණ වේ. මහණෙනි, යම්හෙයකින් ස්ත්රිය රූපබලයෙන්ද, ධන බලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්රබලයෙන්ද, සීලබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණ වෙයි. මහණෙනි, මොවුහු ස්ත්රියගේ බලපස වෙත්.”
3. 3. 6.
නාසිතබ්බ සූත්රය
311. “මහණෙනි, ස්ත්රියගේ මේ බල පසෙකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යන පසයි. මහණෙනි ස්ත්රිය රූපබලයෙන් යුක්තවේද, සීල බලයෙන් යුක්තනොවේද, ඇය නසන්නාහුමය. එළවා දමත්. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද ධනබලයෙන්ද යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද යුක්තවේද සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්ර බලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුය. ගෘහයෙහි වාසය නොකරවත්.”