3. 1. 8.
ඉස්සුකී සූත්රය
287. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ඊර්ෂ්යා ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 9.
මච්ඡරී සූත්රය
288. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, මසුරු වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 10.
අතිචාරී සූත්රය
289. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ස්වාමියා ඉක්මවා හැසිරෙන්නියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 11.
දුස්සීල සූත්රය
290. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද දුස්සීල වේද, නුවණ නැත්තියක් වේද මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 12.
අප්පස්සුත සූත්රය
291. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත් ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් නැත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 13.
කුසීත සූත්රය
292. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්දයත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, කුසීතවේද, නුවණ නැත්තියක්වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”