3. 1. 5.
අනුරුද්ධ සූත්රය
284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැ’සින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති, විසමව වැටෙන නරකයෙහි උපදින ස්ත්රියක් දකිමි. ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදින්නේද”?
“අනුරුද්ධය, කරුණු පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්රද්ධාව නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ක්රෝධ කරන්නියක් වේද, නුවණ නැත්තියක් වේද, අනුරුද්ධය මේ ධර්ම පසින් යුක්තවූ නපුරු ගති ඇති ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, විසමව වැටෙන නිරයේ උපදී.”
3. 1. 6.
කෝධන සූත්රය
285. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්රද්ධාව නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ක්රෝධ කරන්නියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ නපුරු ගති ඇති ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, විසමව වැටෙන නිරයේ උපදී.”
3. 1. 7.
උපනාහී සූත්රය
286. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නරකයෙහි උපදී. කවර කරුණු පසකින්දයත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, බද්ධවෛර ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී.”
3. 1. 8.
ඉස්සුකී සූත්රය
287. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ඊර්ෂ්යා ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 9.
මච්ඡරී සූත්රය
288. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, මසුරු වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”