2. 3. 7.
7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක් ද යත්: සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත (උපේක්ෂා) වේදනාව. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය කරති.
2. 3. 8.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
276. මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක් ද යත්: සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත (උපේක්ෂා) වේදනාව. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය කරති.
2. 3. 9.
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව නොදනිත් ද, වේදනාවේ හටගැනීම නොදනිත් ද, වේදනා නිරෝධය නොදනිත් ද, වේදනා නිරෝධයට යන ප්‍රතිපදාව නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේදනාව දනිත් ද, වේදනාවේ හටගැනීම දනිත් ද, වේදනා නිරෝධය දනිත් ද, වේදනා නිරෝධයට යන ප්‍රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය කරති.
2. 3. 10.
10. සුද්ධිකවේදනා සූත්‍රය
278. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝ වෙත්.
2. 3. 11.
11. නිරාමිස සූත්‍රය
279. “මහණෙනි, සාමිස (කෙලෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙලෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) සැපයක් ඇත්තේය, සාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපේක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) උපේක්‍ෂාවක් ඇත්තේය, සාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස (නිරාමිසතර) විමොක්‍ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්‍ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කනින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.