1. 9. 10.
දුතිය ද්වය සූත්‍රය
93. “මහණෙනි, දෙකක් නිසා විඥානය හටගනියි. මහණෙනි, කෙසේනම් දෙකක් නිසා විඥානය හටගනීද? ඇසද රූපයන්ද නිසා චක්ෂුර්විඥානය උපදියි. ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. රූපයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්‍ෂුර්විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්ඛු විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.
“මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ චක්ඛු විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. චක්ඛු සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ චක්ඛු සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්ශ කරන ලද්දේ විඳියි. ස්පර්ශ කරන ලද්දේ විධානය කරයි. ස්පර්ශ කරන ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.
කනත් ශබ්දයනුත් නිසා සෝත විඤ්ඤාණය උපදියි -පෙ- නාසයත් ගඳත් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි -පෙ- දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. දිව අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. රසයෝ අනිත්‍යයහ, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මෙසේ මේ දෙක සැලෙන්නේත් නැසෙන්නේත් වෙයි; අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. ජිව්හා විඤ්ඤාණය ඉපදීමට යම් හේතුවක් ද යම් ප්‍රත්‍යයක් ද වේ නම්, ඒ හේතුව ද ඒ ප්‍රත්‍යය ද අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන් ජිව්හා විඤ්ඤාණය කෙසේ නම් නිත්‍ය වන්නේ ද?
මහණෙනි, මේ ධර්ම තුනේ යම් එක්වීමක්, රැස්වීමක්, සමාගමයක් වේ ද, මහණෙනි, මෙය ජිව්හා සම්ඵස්සය යයි කියනු ලැබේ. ජිව්හා සම්ඵස්සය ද අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. ජිව්හා සම්ඵස්සය ඉපදීමට යම් හේතුවක් ද යම් ප්‍රත්‍යයක් ද වේ නම්, ඒ හේතුව ද ඒ ප්‍රත්‍යය ද අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන් ජිව්හා සම්ඵස්සය කෙසේ නම් නිත්‍ය වන්නේ ද? මහණෙනි, ස්පර්ශ වූයේ විඳියි. ස්පර්ශ වූයේ හඳුනයි. ස්පර්ශ වූයේ සිතයි (චේතනා කරයි). මෙසේ මේ ධර්මයෝ ද සැලෙන්නෝත් නැසෙන්නෝත් වෙති; අනිත්‍යයහ, පෙරළෙන සුලුයහ, වෙනස් වන සුලුයහ.
කයත් පහසත් නිසා කාය විඤ්ඤාණය උපදියි -පෙ- සිතත් ධර්මයනුත් නිසා මනෝ විඤ්ඤාණය උපදියි. සිත අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. ධර්මයෝ අනිත්‍යයහ, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මෙසේ මේ දෙක සැලෙන්නේත් නැසෙන්නේත් වෙයි; අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මනෝ විඤ්ඤාණය ඉපදීමට යම් හේතුවක් ද යම් ප්‍රත්‍යයක් ද වේ නම්, ඒ හේතුව ද ඒ ප්‍රත්‍යය ද අනිත්‍යය, පෙරළෙන සුලුය, වෙනස් වන සුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන් මනෝ විඤ්ඤාණය කෙසේ නම් නිත්‍ය වන්නේ ද?
“මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනෝ විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, මේ තුන් වැදෑරුම්වූ ධර්මයන්ගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මෙය මනෝ සම්ඵස්සයයි කියනු ලැබේ. මනෝ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.
යොපි හෙතු යොපි පච්චයො මනොසම්ඵස්සස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ, පච්චයං පටිච්ච උප්පන්නො මනොසම්ඵස්සො, කුතො නිච්චො භවිස්සති. ඵුට්ඨො භික්ඛවෙ, වෙදෙති, ඵුට්ඨො සඤ්ජානාති. ඵුට්ඨො චෙතෙති, ඉත්ථෙතෙපි ධම්මා චලා චෙව ව්යයා ච, අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. එවං ඛො භික්ඛවෙ, ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භොතීති. මනෝ සම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවක්, යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. “මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනෝ සම්ඵස්සය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්ශ කරන ලද්දේ විඳියි. ස්පර්ශ කරන ලද්දේ විධානය කරයි. ස්පර්ශ කරන ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවයහ. අන් ආකාරයක් වන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි දෙකක් නිසා විඤ්ඤාණය හටගණීය” යි වදාළ සේක.
සතරවන ඡන්න වර්ගය නිමි.
එහි උද්දානය:
පලෝක, සුඤ්ඤ, සඞ්ඛිත්ත, ඡන්න, පුණ්ණ, බාහිය යන සූත්‍ර ද, එජා නමින් සූත්‍ර දෙකක් ද, ද්වය නමින් තවත් සූත්‍ර දෙකක් ද වදාරන ලදී.