1. 8. 9.
ලෝක සූත්‍රය
82. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ‘ලෝකය, ලෝකය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?” යනුවෙනි.
“මහණෙනි, නැසෙන හෙයින් ලෝකයයි කියනු ලැබේ. කුමක් නැසේද යත්, මහණ, ඇස වනාහි නැසේ. රූපයෝ නැසෙත්. චක්ඛු විඤ්ඤාණය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. “කන නැසෙයි. ශබ්දයෝ නැසෙත්. සෝත විඤ්ඤාණය නැසෙයි. සෝත සම්ඵස්සය නැසෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. “නාසය නැසෙයි. ගන්‍ධය නැසෙයි. ඝාණ විඤ්ඤාණය නැසෙයි. ඝාණ සම්ඵස්සය නැසෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. “දිව නැසෙයි. රසය නැසෙයි. ජිව්හා විඤ්ඤාණය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. “කය නැසෙයි. ස්පර්‍ශය නැසෙයි. කාය විඤ්ඤාණය නැසෙයි. කාය සම්ඵස්සය නැසෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. “සිත නැසෙයි. ධර්‍මයෝ නැසෙත්. මනෝ විඤ්ඤාණය නැසෙයි. මනෝ සම්ඵස්සය නැසෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. මහණ, නැසෙන හෙයින් වනාහි ලෝකයයි කියනු ලැබේය” යි වදාළ සේක.
1. 8. 10.
ඵග්ගුණ සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් ඇත්තේද? “ස්වාමීනි, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් ඇත්තේද? “ස්වාමීනි, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් ඇත්තේද? “ස්වාමීනි, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් ඇත්තේද? “ස්වාමීනි, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් ඇත්තේද? “ස්වාමීනි, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් ඇත්තේද?” කියායි.
“ඵග්ගුණය, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් නැත්තේය. “ඵග්ගුණය, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් නැත්තේය. “ඵග්ගුණය, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් නැත්තේය. “ඵග්ගුණය, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් නැත්තේය. “ඵග්ගුණය, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් නැත්තේය. “ඵග්ගුණය, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් නැත්තේය” යි වදාළ සේක.
ගිලාන වර්‍ගය නිමි.
එහි උද්දානය:
ගිලාන සූත්‍ර දෙකක් ද, රාධ සූත්‍ර තුනක් ද, අවිජ්ජා සූත්‍ර දෙකක් ද, භික්ඛු, ලෝක සහ ඵග්ගුණ සූත්‍ර ද වේ.