1. 6. 9.
සබ්බූපාදාන පරියාදාන සූත්රය
61. “මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. කනද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. නාසයද, ගන්ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. -පෙ-
“දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. කයද, ස්පර්ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. -පෙ-
“සිතද, ධර්මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය වේය” යි වදාළ සේක.
1. 6. 10.
දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්රය
62. සැවැත්නුවරදී–
“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්මය කවරේද යත්?
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” -පෙ- චක්ඛු සම්ඵස්සය -පෙ- චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” -පෙ- “මහණෙනි, කන -පෙ- ශබ්දයෝ -පෙ- සෝත විඤ්ඤාණය -පෙ- සෝත සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, නාසය -පෙ- ගන්ධයෝ -පෙ- ඝාණ විඤ්ඤාණය -පෙ- ඝාණ සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, කය -පෙ- ස්පර්ශය (ඵොට්ඨබ්බය) -පෙ- කාය විඤ්ඤාණය -පෙ- කාය සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, සිත -පෙ- ධර්මයෝ -පෙ- මනෝ විඤ්ඤාණය -පෙ- මනෝ සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්රතිපදාවය” යි (වදාළ සේක.)
හයවෙනි අවිජ්ජා වර්ගයයි.
එහි උද්දානය:
අවිජ්ජා, සඤ්ඤොජන සූත්ර දෙක ද, ආසව සූත්ර දෙක ද, අනුසය සූත්ර දෙක ද, පරිඤ්ඤා සූත්රය ද, පරියාදින්න සූත්ර දෙක ද (යන මේවායින්) දසයෙකි.