1. 3. 4.
අපරිජාන සූත්‍රය
26. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට නුසුදුසු වේද?”
මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. රූපයන් විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. චක්ඛුවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ යම් වේදනාවක් උපදියි ද, එය ද විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. -පෙ-
දිව විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. රසයන් විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. ජිව්හාවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ යම් වේදනාවක් උපදියි ද, එය ද විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. -පෙ-
සිත විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. ධර්මයන් විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. මනෝවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ යම් වේදනාවක් උපදියි ද, එය ද විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, මේ සියල්ල විශේෂයෙන් නොදන්නා, පිරිසිඳ නොදන්නා, දුරු නොකරන්නා, පහ නොකරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු නොවේ.
මහණෙනි, සියල්ල විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. මහණෙනි, කවර සියල්ලක් විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ ද යත්:
මහණෙනි, ඇස විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. රූපයන් විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. චක්ඛුවිඤ්ඤාණය විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ යම් වේදනාවක් උපදියි ද, එය ද විශේෂයෙන් දන්නා, පිරිසිඳ දන්නා, දුරු කරන්නා, පහ කරන්නා තැනැත්තා දුක් නැති කිරීමට සුදුසු වේ. -පෙ-