1. 3. 3.
දෙවැනි ප්රහාණ සූත්රය
25. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස (පවත්නා) ධර්මය කවරේද?
“මහණෙනි, ඇස විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. රූපයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ, අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, කන විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ශබ්දයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, නාසය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ගන්ධයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, දිව විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තීය. රසයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, කය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, සිත විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ධර්මයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය වේය” යි (වදාළ සේක.)
1. 3. 4.
අපරිජාන සූත්රය
26. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට නුසුදුසු වේද?”
“මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. රූපයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. “මහණෙනි, කන විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ශබ්දයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. සෝත විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සෝතසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. “මහණෙනි, නාසය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ගන්ධයෝ විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.”
“මහණෙනි, දිව විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. රසයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. “මහණෙනි, කය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ස්පර්ශයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. කායවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.”
“මහණෙනි, සිත විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ධර්මයන් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. මනෝවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.” “මහණෙනි, මේ වනාහි සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසු නොවේ.
“මහණෙනි, සියල්ලද වනාහි විශේෂයෙන් දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේ. මහණෙනි, කවරනම් සියල්ලක් මනාව පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේද?”
“මහණෙනි, ඇස මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රූපයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ෂුර්විඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.” “මහණෙනි, කන මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ශබ්දයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”’ “මහණෙනි, නාසය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ගන්ධයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.”