1. 3. 2.
ප්රහාණ සූත්රය
24. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල පහකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල පහකිරීම පිණිසවූ ධර්මය කවරේද? “මහණෙනි, ඇස දුරු කටයුතුයි. රූපයෝ දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, කන දුරු කටයුතුයි. ශබ්දයෝ දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, නාසය දුරු කටයුතුයි. ගන්ධයෝ දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, දිව දුරු කටයුතුයි. රසයෝ දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, කය දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, සිත දුරු කටයුතුයි. ධර්මයෝ දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිසවූ ධර්මය වේය” යි (වදාළ සේක.)
1. 3. 3.
දෙවැනි ප්රහාණ සූත්රය
25. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල විශේෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස (පවත්නා) ධර්මය කවරේද?
“මහණෙනි, ඇස විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. රූපයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ, අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, කන විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ශබ්දයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, නාසය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ගන්ධයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, දිව විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තීය. රසයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. “මහණෙනි, කය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.
“මහණෙනි, සිත විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ධර්මයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්මය වේය” යි (වදාළ සේක.)
1. 3. 4.
අපරිජාන සූත්රය
26. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට නුසුදුසු වේද?”