1. 2. 6.
දුතිය නො චෙ අස්සාදසුත්තං
18. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි රූපයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රූපයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ මේ රූපයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ රූපයන් කෙරෙන් මිදෙන්නාහුය.
මහණෙනි, ඉදින් ශබ්දයන්ගේ -පෙ- ගන්ධයන්ගේ -පෙ- රසයන්ගේ -පෙ- ඵොට්ඨබ්බයන්ගේ -පෙ- ධර්මයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්වයෝ ධර්මයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි ඇලෙති. මහණෙනි, ඉදින් ධර්මයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්වයෝ ධර්මයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි කළකිරෙති. මහණෙනි, ඉදින් ධර්මයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්වයෝ ධර්මයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්මයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්ගෙන් මිදෙති.
“මහණෙනි, යම්තාක් කල් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ බාහිරවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් නොදැන ගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකය කෙරෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව කෙරෙන් නික්මුණාහු වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය.
මහණෙනි, යම් කලක පටන් සත්ත්වයෝ මේ සවැදෑරුම්වූ, බාහිරවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශ යෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙන් නික්මුණාහු, වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය” යි වදාළ සේක.
1. 2. 7.
අභිනන්දන සූත්‍රය
19. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් ඇසට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් කනට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් නාසයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් දිවට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් කයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් සිතට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි ඇසට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි කනට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි නාසයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි දිවට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි කයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි සිතට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)
1. 2. 8.
දුතිය අභිනන්දන සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් රූපයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ශබ්දයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ගන්ධයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් රසයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ස්පර්ශයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ධර්මයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි රූපයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවේ. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ශබ්දයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ගන්ධයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් රසයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි ස්පර්ශයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ධර්මයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)