1. 2. 7.
අභිනන්දන සූත්‍රය
19. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් ඇසට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් කනට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් නාසයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් දිවට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් කයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් සිතට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි ඇසට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි කනට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි නාසයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි දිවට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි කයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි සිතට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)
1. 2. 8.
දුතිය අභිනන්දන සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමෙක් රූපයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ශබ්දයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ගන්ධයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් රසයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ස්පර්ශයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ධර්මයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වනාහි රූපයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවේ. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ශබ්දයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ගන්ධයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් රසයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් වනාහි ස්පර්ශයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “යමෙක් ධර්මයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)
1. 2. 9.
උප්පාද සූත්‍රය
21. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “කනෙහි යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “නාසයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “දිවේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “කයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “සිතේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“මහණෙනි, ඇසේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කනෙහි යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. නාසයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. දිවේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. සිතේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ” යයි (වදාළ සේක.)
1. 2. 10.
දුතිය උප්පාද සූත්‍රය
22. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ශබ්දයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ගන්ධයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. රසයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ස්පර්ශයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”
“මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ගන්ධයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. රසයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ස්පර්ශයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ධර්මයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ” යයි (වදාළ සේක.)
දෙවෙනි යමක වර්ගය නිමි.
එහි උද්දානය:
සම්බෝධයෙන් සූත්‍ර දෙකක් ද, ආශ්වාදයෙන් සූත්‍ර දෙකක් ද, නො චෙ යනුවෙන් සූත්‍ර දෙකක් ද, අභිනන්දයෙන් සූත්‍ර දෙකක් ද, උප්පාදයෙන් සූත්‍ර දෙකක් ද (මෙහි) කියන ලදී. එයිනි මේ වර්ගය කියනු ලැබේ.