1. 19. 9.
වීණොපම සූත්රය
246. “මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතට ඇසින් දැක්කයුතු රූපයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, (එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි ඇසින් දතයුතු රූපයන් කෙරෙන් සිත වලක්වන්නේය.
“මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතට කනෙන් ඇසියයුතු ශබ්දයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, (එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි කනෙන් ඇසියයුතු ශබ්දයන් කෙරෙන් සිත වලක්වන්නේය. “මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතට නාසයෙන් දතයුතු ගන්ධයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, (එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි නාසයෙන් දතයුතු ගන්ධයන් කෙරෙන් සිත වලක්වන්නේය. “මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතට දිවෙන් දැනියයුතු රසයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, (එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි දිවෙන් දතයුතු රසයන් කෙරෙන් සිත වලක්වන්නේය. “මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතට කයෙන් දතයුතු ස්පර්ශයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද,(එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි කයෙන් දතයුතු ස්පර්ශයන් කෙරෙන් සිත වලක්වන්නේය. “මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂූණියකගේ හෝ සිතින් දතයුතු ධර්මයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, (එවිට) මේ මාර්ගය කෙලෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී. තොපට නුසුදුසුයයි සිතින් දතයුතු ධර්මයන් කෙරෙන් සිත වලක්වන්නේය.
“මහණෙනි, සරු ගොයම් ඇති කුඹුරක් වෙයි. ගොයම් රකින්නාද ප්රමාදවෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ඒ ගොනා කුඹුරට බැස ඇතිතාක් සෑහීමට පැමිණෙන්නේය. මහණෙනි, එසේම අශ්රුතවත් පෘථග්ජනතෙම සවැදෑරුම් ස්පර්ශායතනයන්හි අසංවරවූයේ පස්කම් ගුණයන්හි ඇතිතාක් සෑහීමට පත්වෙයි. මහණෙනි, සරු ගොයම් ඇති කුඹුරක් වෙයි. අප්රමාදවූ ගොවියෙක්ද වෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ගොයම් කන ගොනා ඒ කුඹුරට බසින්නේය. ගොවියා ඒ ගොනා නාස්ලණුවෙන් දැඩිකොට අල්වා ගන්නේය. අල්වාගෙන නාස් ලණුව අංදෙක අතරට ගෙන තදකරන්නේය. තදකොට දණ්ඩක් ගෙන හොඳින් තලන්නේය.තලා අතහරින්නේය."
මහණෙනි, දෙවනුවත්...මහණෙනි, තුන්වෙනුවත් ගොයම් කන ගොනා මේ කුඹුරට බසින්නේය. කුඹුර රකින්නා නහයෙන් අල්ලා ගන්නේය. අල්ලාගෙන අංදෙක අතරෙන් තදකරන්නේය. තදකොට දණ්ඩෙන් තලන්නේය, තලා අතහරින්නේය. “මහණෙනි, මේ අන්දමින් ගමට වැදුනාවූ හෝ වනයට වැදුනාවූ හෝ ඒ ගොනා ඉඳීම් සිටීම් බහුලවූ පළමු ගසනලද පොලු පහරවල් සිහිකරමින් ඒ කුඹුරට නැවත නොබසින්නේය. මහණෙනි, එසේම යම් කලෙක පටන් භික්ෂුවගේ සිත ස්පර්ශායතන සයදෙනා කෙරෙහි සෘජු වූයේ වේද මනාව සෘජු වූයේ ඇතුළත සිටියි හිඳියි එක් අරමුණක් ඇතිව සමාධියට පැමිණේ.
“මහණෙනි, යම්සේ රජෙකු විසින් හෝ රාජමහාමාත්යයෙකු විසින් හෝ වීණාවක ශබ්දය පෙර නොඅසන ලද්දේවේද, හෙතෙම වීණා ශබ්දය අසන්නේය. ‘පින්වත, මෙසේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන මේ ශබ්දය කවරකුගේද?’ ඔහුට මෙසේ කියන්නාහුය. ‘ස්වාමීනි, මේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන ශබ්දය වීණාවකගේය (යනුවෙනි).
හෙතෙම ‘යව මට ඒ වීණාවක් ගෙනෙවයි’ කියන්නේය. ඔහුට ඒ වීණාවක් ගෙනෙන්නාහුය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘ස්වාමීනි, මෙසේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන ශබ්දය යමකගේද, ඒ මේ වීණාවේය.’ හෙතෙම ‘පින්වත, මේ වීණාවෙන් මට කම්නැත. ඒ ශබ්දය ගෙනෙවයි’ කියන්නේය.