1. 17. 10-12.
බාහිර අනිච්චඡන්ද, බාහිර අනිච්චරාග, බාහිර අනිච්චඡන්දරාග සූත්‍ර
177-179. “මහණෙනි, යමක් අනිත්‍ය නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, අනිත්‍ය වන්නේ කුමක් ද? මහණෙනි, රූප අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ශබ්ද අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ගන්ධ අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. රස අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. පහස් (ඵොට්ඨබ්බ) අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ධර්ම අනිත්‍යය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, යමක් අනිත්‍ය නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය.”
1. 17. 13-15.
බාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිර දුක්ඛඡන්දරාග සූත්‍ර
180-182. “මහණෙනි, යමක් දුක නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, දුක වන්නේ කුමක් ද? මහණෙනි, රූප දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ශබ්ද දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ගන්ධ දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. රස දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. පහස් (ඵොට්ඨබ්බ) දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ධර්ම දුකය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, යමක් දුක නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය.”
1. 17. 16-18.
බාහිර අනත්තඡන්ද, බාහිර අනත්තරාග, බාහිර අනත්තඡන්දරාග සූත්‍ර
183-185. “මහණෙනි, යමක් අනාත්ම නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, අනාත්ම වන්නේ කුමක් ද? මහණෙනි, රූප අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ශබ්ද අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ගන්ධ අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. රස අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. පහස් (ඵොට්ඨබ්බ) අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. ධර්ම අනාත්මය, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. මහණෙනි, යමක් අනාත්ම නම්, එහි තොපගේ ඡන්දය දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය.”
1. 17. 19.
19. අතීතානිච්‌ච සූත්‍රය
186. “මහණෙනි, අතීතවූ ඇස අනිත්‍යය. අතීතවූ කන අනිත්‍යය. අතීතවූ නාසය අනිත්‍යය. අතීතවූ දිව අනිත්‍යය. අතීතවූ කය අනිත්‍යය. අතීතවූ සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 20.
20. අනාගතානිච්‌ච සූත්‍රය
187. “මහණෙනි, අනාගත ඇස අනිත්‍යය. අනාගත කන අනිත්‍යය. අනාගත නාසය අනිත්‍යය. අනාගත දිව අනිත්‍යය. අනාගත කය අනිත්‍යය. අනාගත සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 21.
21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
188. “මහණෙනි, වර්තමාන ඇස අනිත්‍යය. වර්තමාන කන අනිත්‍යය. වර්තමාන නාසය අනිත්‍යය. වර්තමාන දිව අනිත්‍යය. වර්තමාන කය අනිත්‍යය. වර්තමාන සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)