1. 17. 13-15.
13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
180-182. “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)
1. 17. 16-18.
16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
183-185. “මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. රසයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. රසයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය.එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. රසයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)
1. 17. 19.
19. අතීතානිච්‌ච සූත්‍රය
186. “මහණෙනි, අතීතවූ ඇස අනිත්‍යය. අතීතවූ කන අනිත්‍යය. අතීතවූ නාසය අනිත්‍යය. අතීතවූ දිව අනිත්‍යය. අතීතවූ කය අනිත්‍යය. අතීතවූ සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 20.
20. අනාගතානිච්‌ච සූත්‍රය
187. “මහණෙනි, අනාගත ඇස අනිත්‍යය. අනාගත කන අනිත්‍යය. අනාගත නාසය අනිත්‍යය. අනාගත දිව අනිත්‍යය. අනාගත කය අනිත්‍යය. අනාගත සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 21.
21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
188. “මහණෙනි, වර්තමාන ඇස අනිත්‍යය. වර්තමාන කන අනිත්‍යය. වර්තමාන නාසය අනිත්‍යය. වර්තමාන දිව අනිත්‍යය. වර්තමාන කය අනිත්‍යය. වර්තමාන සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)