1. 16. 9.
9. කොට්ඨිත අනත්ත සූත්රය
164. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව වෙන්වූ වාසය ඇත්තේ, අප්රමාදවූයේ, වීර්ය්ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් එබඳු ධර්මයක් දේශනා කරනසේක් නම් මැනවැයි, කියායි. “කොට්ඨිතය, යමක් අනාත්මද, එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, කුමක් නම් අනාත්මද? කොට්ඨිතය, ඇස අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රූපයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුවේ.
“කන අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ශබ්දයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “නාසය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ගන්ධයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය.එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “දිව අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රසයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ස්පර්ශයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “සිත අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ධර්මයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, යමක් වනාහි දුක්ද, එහි තොපගේ ආශාව දුරුකළයුතුයයි, (වදාළ සේක.)
1. 16. 10.
10. මිච්ඡාදිට්ඨිප්පහාන සූත්රය
165. එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේදැයි?, කියායි.
මහණ, ඇස අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. රූපය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ.
“කන අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ශබ්දයන් අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. සෝත විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. සෝත සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. “නාසය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ගන්ධයන් අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යා දෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. “දිව අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. රසයන් අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. “කය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ස්පර්ශයන් අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. කාය විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. කාය සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. “සිත අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. ධර්මයන් අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. මනෝ විඤ්ඤාණය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. මනෝ සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේයයි, (වදාළ සේක.)
1. 16. 11.
11. සක්කායදිට්ඨිප්පහාන සූත්රය
166. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කාය දෘෂ්ටිය ප්රහීණවේදැයි?, කියායි.
“මහණ, ඇස දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. රූපය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ.
“මහණ, කන දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ශබ්දයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. සෝත විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. සෝත සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. “මහණ, නාසය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ගන්ධයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. “මහණ, දිව දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. රසයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. “මහණ, කය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ස්පර්ශයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. කාය විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. කාය සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. “මහණ, සිත දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. ධර්මයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. මනෝ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. මනෝ සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේ මහණ, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්රහීණවේයයි, වදාළ සේක.