1. 16. 10.
10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
165. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේදැයි?, කියායි.
මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. රූපය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ.
“කන අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. “නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. “දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. “කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. “සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ දක්නහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණවේයයි, (වදාළ සේක.)
1. 16. 11.
11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
166. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීණවේදැයි?, කියායි.
“මහණ, ඇස දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. රූපය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ.
“මහණ, කන දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ශබ්දයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, නාසය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ගන්‍ධයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, දිව දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. රසයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, කය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ස්පර්‍ශයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. “මහණ, සිත දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. ධර්‍මයන් දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුක් වශයෙන් දන්නහුගේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේ මහණ, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීණවේයයි, වදාළ සේක.