1. 16. 8.
8. කොට්ඨිත දුක්ඛ සූත්රය
163. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව වෙන්වූ වාසය ඇත්තේ, අප්රමාදවූයේ, වීර්ය්ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් (එබඳු) ධර්මයක් දේශනා කරනසේක් නම් මැනව, යනුයි. “කොට්ඨිතය, යමක් වනාහි දුකද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, කුමක් නම් දුකද?කොට්ඨිතය, ඇස දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රූපයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.
“කොට්ඨිතය, කන දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ශබ්දයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කොට්ඨිතය, නාසය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ගන්ධයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කොට්ඨිතය, දිව දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රසයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කොට්ඨිතය, කය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ස්පර්ශයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කොට්ඨිතය, සිත දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ධර්මයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, යමක් වනාහි දුක්ද, එහි තොපගේ ආශාව දුරුකටයුතුයයි, වදාළ සේක.
1. 16. 9.
9. කොට්ඨිත අනත්ත සූත්රය
164. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව වෙන්වූ වාසය ඇත්තේ, අප්රමාදවූයේ, වීර්ය්ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් එබඳු ධර්මයක් දේශනා කරනසේක් නම් මැනවැයි, කියායි. “කොට්ඨිතය, යමක් අනාත්මද, එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, කුමක් නම් අනාත්මද? කොට්ඨිතය, ඇස අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රූපයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුවේ.
“කන අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ශබ්දයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “නාසය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ගන්ධයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය.එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “දිව අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රසයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “කය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ස්පර්ශයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. “සිත අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. ධර්මයෝ අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. කොට්ඨිතය, යමක් වනාහි දුක්ද, එහි තොපගේ ආශාව දුරුකළයුතුයයි, (වදාළ සේක.)
1. 16. 10.
10. මිච්ඡාදිට්ඨිප්පහාන සූත්රය
165. එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ මිථ්යාදෘෂ්ටිය ප්රහීණවේදැයි?, කියායි.