1. 16. 5.
5. සමාධි සූත්‍රය
160. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇත්තාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. (පෙනෙයි.) කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?
“ඇස අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය (ඇසේ ස්පර්ශය) අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කන -පෙ- නාසය -පෙ- දිව -පෙ- කය -පෙ- සිත අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්මයෝ අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ විඤ්ඤාණය අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟ වූ සිත් ඇති භික්ෂුවට තත්වූ පරිද්දෙන් වැටහෙයි” යි (වදාළ සේක).
1. 16. 6.
6. පටිසල්‌ලාන සූත්‍රය
161. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, විවේකස්ථානයෙහි උත්සාහ කරව්. විවේකස්ථානයට පැමිණියාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?
“ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.
“කන -පෙ- නාසය -පෙ- දිව -පෙ- කය -පෙ- සිත අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්මයෝ අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ විඤ්ඤාණය අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද අනිත්‍ය යයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මහණෙනි, විවේකයෙහි (හුදෙකලාවෙහි) යෙදෙව්. මහණෙනි, විවේකයෙහි යෙදුණු භික්ෂුවට තත්වූ පරිද්දෙන් වැටහෙයි” යි (වදාළ සේක).
1. 16. 7.
7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
162. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදවූයේ, වීර්‍ය්‍ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් (එබඳු) ධර්‍මයක් දේශනා කරනසේක් නම් මැනවැ යනුයි.,