1. 16. 6.
6. පටිසල්‌ලාන සූත්‍රය
161. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, විවේකස්ථානයෙහි උත්සාහ කරව්. විවේකස්ථානයට පැමිණියාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?
“ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.
“කන අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ශබ්දයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ගන්‍ධයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රසයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ස්පර්‍ශයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්‍මයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “මහණෙනි, විවේකස්ථානයෙහි හිඳ උත්සාහ කරව්. මහණෙනි, විවේකස්ථානයට පැමිණියාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහේයයි, (වදාළ සේක.)
1. 16. 7.
7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
162. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදවූයේ, වීර්‍ය්‍ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් (එබඳු) ධර්‍මයක් දේශනා කරනසේක් නම් මැනවැ යනුයි.,
“කොට්ඨිතය, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, කුමක් නම් අනිත්‍යද? “කොට්ඨිතය, ඇස වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. රූපයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.
“කොට්ඨිතය, කන වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ශබ්දයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. “කොට්ඨිතය, නාසය වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. “කොට්ඨිතය, දිව වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. රසයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ.
“කොට්ඨිතය, කය වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. “කොට්ඨිතය, සිත වනාහි අනිත්‍ය වේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනිත්‍යයෝය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ සම්ඵස්සය අනිත්‍යවේ. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යය. එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේයයි (වදාළ සේක..)
1. 16. 8.
8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
163. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදවූයේ, වීර්‍ය්‍ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් (එබඳු) ධර්‍මයක් දේශනා කරනසේක් නම් මැනව, යනුයි. “කොට්ඨිතය, යමක් වනාහි දුකද, එහි තොපගේ ආශාව දුරුකටයුතු වේ. කොට්ඨිතය, කුමක් නම් දුකද?කොට්ඨිතය, ඇස දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. රූපයෝ දුක්යහ. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකය. එහි තොපගේ ආශාව දුරුකළයුතුය.