1. 16. 4.
4. බාහිර නන්දික්ඛයයොනිසො සූත්රය
159. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන් නුවණින් මෙනෙහි කරව්. රූපයන්ගේ අනිත්ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම රූපයන් මෙනෙහි කරන්නේ රූපයන්ගේ අනිත්ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රූපයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, ශබ්දයන් නුවණින් මෙනෙහි කරව්. ශබ්දයන්ගේ අනිත්ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම ශබ්දයන් නුවණින් මෙනෙහි කරන්නේ ශබ්දයන්ගේ අනිත්ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ශබ්දයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ගන්ධයන් නුවණින් මෙනෙහි කරව්. ගන්ධයන්ගේ අනිත්ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම ගන්ධයන් නුවණින් මෙනෙහි කරන්නේ ගන්ධයන්ගේ අනිත්ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ගන්ධයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, රසයන් නුවණින් මෙනෙහි කරව්. රසයන්ගේ අනිත්ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම රසයන් නුවණින් මෙනෙහි කරන්නේ රසයන්ගේ අනිත්ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ රසයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ස්පර්ශයන් (පහස්) නුවණින් මෙනෙහි කරව්. ස්පර්ශයන්ගේ (පහස්හි) අනිත්ය බවද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම ස්පර්ශයන් (පහස්) නුවණින් මෙනෙහි කරන්නේ ස්පර්ශයන්ගේ (පහස්හි) අනිත්ය බැව්ද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ස්පර්ශයන්හි (පහස්) කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, ධර්මයන් නුවණින් මෙනෙහි කරව්. ධර්මයන්ගේ අනිත්ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්ෂුතෙම ධර්මයන් නුවණින් මෙනෙහි කරන්නේ ධර්මයන්ගේ අනිත්ය බැව්ද තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ධර්මයන්හි කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 5.
5. සමාධි සූත්රය
160. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇත්තාවූ භික්ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. (පෙනෙයි.) කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?
“ඇස අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “කන අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ශබ්දයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “නාසය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ගන්ධයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “දිව අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රසයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “කය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ස්පර්ශයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “සිත අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්මයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුහට තත්වූ පරිද්දෙන් වැටහේයයි, (වදාළසේක.)
1. 16. 6.
6. පටිසල්ලාන සූත්රය
161. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, විවේකස්ථානයෙහි උත්සාහ කරව්. විවේකස්ථානයට පැමිණියාවූ භික්ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?
“ඇස අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.
“කන අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ශබ්දයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “නාසය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ගන්ධයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “දිව අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රසයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “කය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ස්පර්ශයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “සිත අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්මයෝ අනිත්යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ විඤ්ඤාණය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. “මහණෙනි, විවේකස්ථානයෙහි හිඳ උත්සාහ කරව්. මහණෙනි, විවේකස්ථානයට පැමිණියාවූ භික්ෂුහට තත්වූ පරිද්දෙන් වැටහේයයි, (වදාළ සේක.)
1. 16. 7.
7. කොට්ඨිත අනිච්ච සූත්රය
162. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත නම් ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්රමාදවූයේ, වීර්ය්ය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට කොටින් (එබඳු) ධර්මයක් දේශනා කරනසේක් නම් මැනවැ යනුයි.,