1. 15. 6.
අනන්තෙවාසික සූත්රය
151. "මහණෙනි, ඇතුළත කෙලෙස් නැත්තාවූ කෙලෙස් විසින් නොහසුරුවන්නාවූ (කෙලෙස් විසින් ශික්ෂණ නැති) භික්ෂුතෙම මේ බ්රහ්මචර්ය්යාවාසය වසන්නේය. මහණෙනි, ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම සහිතවූ භික්ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුළත කෙලෙස් නැත්තාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැත්තාවූ භික්ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි.
“මහණෙනි, කෙසේනම් ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම සහිතවූ භික්ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහට ඇසින් රූපයක් දැක මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට කනෙන් ශබ්දයක් අසා මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට නාසයෙන් ගන්ධයක් ආඝ්රාණයකොට මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට කයින් ස්පර්ශයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට සිතින් ධර්මයක් දැන මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම සහිතවූ භික්ෂුතෙම දුකසේ අපහසුව වාසය කෙරේ.
“මහණෙනි, කෙසේනම් ඇතුළත කෙලෙස් නොවසන්නාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැති භික්ෂුතෙම සුවසේ පහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහට ඇසින් රූපයක් දැක මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද,ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට කනෙන් ශබ්දයක් අසා මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට නාසයෙන් ගන්ධයක් ආඝ්රාණයකොට මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට කයින් ස්පර්ශයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට සිතින් ධර්මයක් දැන මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්මයෝ මොහුතුළ වාසය නොකරත් යන මෙකරුණෙන්, ඇතුළත කෙලෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු නොහසුරුවත්ද (ශික්ෂණය නොකරත්ද), ලාමකවූ අකුසල ධර්මයෝ ඔහු නොහසුරුවත් යන මෙකරුණෙන්, කෙලෙසුන්ගේ හැසිරවීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, මෙසේ වනාහි ඇතුළත කෙලෙස් නොවසන්නාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැත්තාවූ භික්ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි.මහණෙනි, ඇතුළත කෙලෙස් නොවසන්නාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැත්තාවූ භික්ෂුතෙම මේ මාර්ග බ්රහ්මචර්ය්යාවෙහි වසන්නේය. මහණෙනි, ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම ඇත්තාවූ භික්ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුළත කෙලෙස් නැත්තාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැත්තාවූ භික්ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කෙරේයයි, වදාළේය.
1. 15. 7.
කිමත්ථිය සූත්රය
152. “මහණෙනි, අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ ඉදින් තොපගෙන් මෙසේ අසන්නාහු නම්, ‘ඇවැත්නි, කුමක් පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නේද’ මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ට මෙසේ ප්රකාශ කරවු. ‘ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචර්ය්යාවෙහි වසන්නේය’ කියායි. “මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ මෙසේ අසන්නාහු නම්, ‘ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නේද, ඒ දුකනම් කවරේදැයි, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ට මෙසේ ප්රකාශ කරවු.