1. 15. 4.
තතිය සප්‌පාය සූත්‍රය
149. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනාත්මයයි දකීද, රූපයෝ අනාත්මයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
“කන අනාත්මයයි දකීද, ශබ්දයෝ අනාත්මයයි දකීද, සෝත විඤ්ඤාණය අනාත්මයයි දකීද, සෝත සම්ඵස්සය අනාත්මයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “නාසය අනාත්මයයි දකීද, ගන්‍ධයෝ අනාත්මයයි දකීද, ඝාණ විඤ්ඤාණය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵස්සය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “දිව අනාත්මයයි දකීද, රසයෝ අනාත්මයයි දකීද, ජිව්හා විඤ්ඤාණය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵස්සය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
“කය අනාත්මයයි දකීද, ස්පර්‍ශයෝ අනාත්මයයි දකීද, කාය විඤ්ඤාණය අනාත්මයයි දකීද, කාය සම්ඵස්සය අනාත්මයයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “සිත අනාත්මයයි දකීද, ධර්‍මයෝ අනාත්මයයි දකීද, මනෝ විඤ්ඤාණය අනාත්මයයි දකීද, මනෝ සම්ඵස්සය අනාත්මයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.
1. 15. 5.
චතුත්ථ සප්‌පාය සූත්‍රය
150. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” ‘මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාව වේය” යි වදාළ සේක.
1. 15. 6.
අනන්තෙවාසික සූත්‍රය
151. "මහණෙනි, ඇතුළත කෙලෙස් නැත්තාවූ කෙලෙස් විසින් නොහසුරුවන්නාවූ (කෙලෙස් විසින් ශික්ෂණ නැති) භික්‍ෂුතෙම මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසය වසන්නේය. මහණෙනි, ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුළත කෙලෙස් නැත්තාවූ කෙලෙසුන්ගේ හැසිරවීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි.
“මහණෙනි, කෙසේනම් ඇතුළත කෙලෙස් සහිතවූ කෙලෙසුන්ගේ හැසිරවීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කනෙන් ශබ්දයක් අසා මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් විඳ මානසංයෝජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත් යන මෙකරුණෙන් ඇතුළත කෙලෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු හසුරුවත්ද (ශික්ෂණය කරත්ද), ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු හසුරුවත් යන මෙකරුණෙන් කෙලෙසුන්ගේ හැසිරවීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.