1. 15. 2.
සප්‌පාය සූත්‍රය
147. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනිත්‍යයයි දකීද, රූපයෝ අනිත්‍යයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?
“කන අනිත්‍යයයි දකීද, ශබ්දයෝ අනිත්‍යයයි දකීද, සෝත විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵස්සය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “නාසය අනිත්‍යයයි දකීද, ගන්‍ධයෝ අනිත්‍යයයි දකීද, ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “දිව අනිත්‍යයයි දකීද, රසයෝ අනිත්‍යයයි දකීද, ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?
“කය අනිත්‍යයයි දකීද, ස්පර්‍ශයෝ අනිත්‍යයයි දකීද, කාය විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, කාය සම්ඵස්සය අනිත්‍ය යයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “සිත අනිත්‍යයයි දකීද, ධර්‍මයෝ අනිත්‍යයයි දකීද, මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, මනෝ සම්ඵස්සය අනිත්‍යයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති. මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාව වේ'යයි, වදාළේය.
1. 15. 3.
දුතිය සප්‌පාය සූත්‍රය
148. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස දුකයයි දකීද, රූපයෝ දුකයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
“කන දුකයයි දකීද, ශබ්දයෝ දුකයයි දකීද, සෝත විඤ්ඤාණය දුකයයි දකීද, සෝත සම්ඵස්සය දුකයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “නාසය දුකයයි දකීද, ගන්‍ධයෝ දුකයයි දකීද, ඝාණ විඤ්ඤාණය දුකයයි දකීද, ඝාණ සම්ඵස්සය දුකයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “දිව දුකයයි දකීද, රසයෝ දුකයයි දකීද, ජිව්හා විඤ්ඤාණය දුකයයි දකීද, ජිව්හා සම්ඵස්සය දුකයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
“කය දුකයයි දකීද, ස්පර්‍ශයෝ දුකයයි දකීද, කාය විඤ්ඤාණය දුකයයි දකීද, කාය සම්ඵස්සය දුකයයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “සිත දුකයයි දකීද, ධර්‍මයෝ දුකයයි දකීද, මනෝ විඤ්ඤාණය දුකයයි දකීද, මනෝ සම්ඵස්සය දුකයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.
1. 15. 4.
තතිය සප්‌පාය සූත්‍රය
149. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනාත්මයයි දකීද, රූපයෝ අනාත්මයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
“කන අනාත්මයයි දකීද, ශබ්දයෝ අනාත්මයයි දකීද, සෝත විඤ්ඤාණය අනාත්මයයි දකීද, සෝත සම්ඵස්සය අනාත්මයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “නාසය අනාත්මයයි දකීද, ගන්‍ධයෝ අනාත්මයයි දකීද, ඝාණ විඤ්ඤාණය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵස්සය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “දිව අනාත්මයයි දකීද, රසයෝ අනාත්මයයි දකීද, ජිව්හා විඤ්ඤාණය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵස්සය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
“කය අනාත්මයයි දකීද, ස්පර්‍ශයෝ අනාත්මයයි දකීද, කාය විඤ්ඤාණය අනාත්මයයි දකීද, කාය සම්ඵස්සය අනාත්මයයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද? “සිත අනාත්මයයි දකීද, ධර්‍මයෝ අනාත්මයයි දකීද, මනෝ විඤ්ඤාණය අනාත්මයයි දකීද, මනෝ සම්ඵස්සය අනාත්මයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.
1. 15. 5.
චතුත්ථ සප්‌පාය සූත්‍රය
150. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”