1. 15. 10.
ධම්‌මකථික සූත්‍රය
155. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, ධර්‍මකථිකයාය, ධර්‍මකථිකයායයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් වනාහි ධර්‍මකථිකයෙක් වේද?
“ඉදින් මහණතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
“ඉදින් මහණතෙම කන පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කන පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කන පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් මහණතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් මහණතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසුයයි, (වදාළේය.)
නවපුරාණ වර්‍ගය නිමි.
එහි උද්දානය:
කම්ම, චත්තාරිධම්ම, සප්පාය, අනන්තේවාසික, කිමත්ථිය, අත්ථිනුඛොපරියාය, ඉන්ද්‍රියසම්පන්න හා ධම්මකථික යන සූත්‍ර ද වේ.
එහි වර්ග උද්දානය:
යෝගක්ඛේම වර්ගය ද, ලෝකකාමගුණ වර්ගය ද, ගහපති වර්ගය ද, දේවදහ වර්ගය ද, නවපුරාණ වර්ගය ද යන මෙයින් තෙවැනි පන්සැව සමන්විත යයි කියනු ලැබේ.
තෙවැනි පණණාසකය නිමි.
16. නන්‍දික්ඛය වර්‍ගය
1. 16. 1.
1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
156. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ඇස අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කන අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම නාසය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම දිව අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම කය අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය ක්‍ෂය කිරීමෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ. තෘෂ්ණා රාග දෙක නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම සිත අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව ක්‍ෂයකිරීමෙන් රාගය ක්‍ෂය වේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. නන්‍දි රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාසේ මිදුනේයයි, කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 2.
2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
157. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රූපයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ශබ්දයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ගන්‍ධයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම රසයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ස්පර්‍ශයන් (පහස්) අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. “මහණෙනි, භික්‍ෂුතෙම අනිත්‍යවූම ධර්‍මයන් අනිත්‍යයයි දකියි. එය ඔහුගේ යහපත්කොට දැකීම වෙයි. යහපත්ව දක්නේ කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේයයි, (වදාළ සේක.)
1. 16. 3.
3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
158. “මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරව්. ඇස පිළිබඳ අනිත්‍ය බව තත්වූ පරිද්දෙන් මනාකොට බලව්. මහණෙනි, භික්‍ෂුතෙම ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස පිළිබඳ අනිත්‍ය බවද, තත්වූ පරිද්දෙන් මනාකොට බලන්නේ ඇස කෙරෙහිද කලකිරෙයි. තෘෂ්ණාව නැසීමෙන් රාගය නැසේ. රාගය නැසීමෙන් තෘෂ්ණාව නැසේ. තෘෂ්ණා රාග දෙදෙනාගේ නැසීමෙන් සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.