1. 14. 4.
4. ගය්හ සූත්රය
137. “මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ගන්ධයන්හි බැඳුනෝ ගන්ධයෙහි ඇළුනෝ ගන්ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්ශයන්හි බැඳුනෝ ස්පර්ශයෙහි ඇළුනෝ ස්පර්ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ධර්මයන්හි බැඳුනෝ ධර්මයෙහි ඇළුනෝ ධර්මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.
“මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ වනාහි රූපයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි නොබැඳී රූපයෙහි නොඇලී රූපයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ශබ්දයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ශබ්දයෙහි නොබැඳී ශබ්දයෙහි නොඇලී ශබ්දයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ගන්ධයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ගන්ධයෙහි නොබැඳී ගන්ධයෙහි නොඇලී ගන්ධයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ගන්ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි රසයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන රසයෙහි නොබැඳී රසයෙහි නොඇලී රසයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ස්පර්ශයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ස්පර්ශයෙහි නොබැඳී ස්පර්ශයෙහි නොඇලී ස්පර්ශයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ස්පර්ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ධර්මයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ධර්මයෙහි නොබැඳී ධර්මයෙහි නොඇලී ධර්මයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ධර්මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කෙරේයයි, (වදාළේය.)
1. 14. 5.
5. පලාස සූත්රය
138. “මහණෙනි, යමක් තොපගේ නොවේද?, එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද? මහණෙනි, ඇස තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය., “මහණෙනි, කන තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය., “මහණෙනි, නාසය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය., “මහණෙනි, දිව තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය., “මහණෙනි, කය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය., “මහණෙනි, සිත තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
“මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ ලී දඬු අතු කොළ වේද, එය ජනතෙම හැරගෙන යන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති පරිද්දක් හෝ කරන්නේද, කිම, තොපට මෙබඳු අදහසක් වන්නේද, ‘ ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ කැමති පරිද්දක් කෙරේයයි’ කියායි, “ස්වාමීනි, එය නොවේමැයි, “ඊට හේතු කවරේද?, “ස්වාමීනි, මෙය වනාහි අපගේ හෝ තමාගේ හෝ තමා පිළිබඳ වූවක් හෝ නොවෙයි., “මහණෙනි, එපරිද්දෙන්ම ඇස තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කන තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. නාසය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. දිව තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. කය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සිත තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේයයි, වදාළේය.
1. 14. 6.
6. දුතිය පලාස සූත්රය
139. “මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද? “මහණෙනි, රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය., මහණෙනි, ගන්ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, ස්පර්ශයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “ධර්මයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
“මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ ලී දඬු අතු කොළ වේද, එය ජනතෙම හැරගෙන යන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති පරිද්දක් හෝ කරන්නේද, කිම, තොපට මෙබඳු අදහසක් වන්නේද, ‘ ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ කැමති පරිද්දක් කෙරේයයි’ කියායි,, ස්වාමීනි, එය නොවේමැයි, “ඊට හේතු කවරේද?,, ස්වාමීනි, මෙය වනාහි අපගේ හෝ තමාගේ හෝ තමා පිළිබඳ වූවක් හෝ නොවෙයි., “මහණෙනි, එපරිද්දෙන්ම රූපයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ශබ්දයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ගන්ධයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රසයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ස්පර්ශයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ධර්මයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේයයි, වදාළේය.
1. 14. 7.
7. අජ්ඣත්ත (අධ්යාත්මික) අනිච්ච සූත්රය
140. “මහණෙනි, ඇස අනිත්යය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් නිත්ය වන්නේද? “මහණෙනි, කන අනිත්යය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ කන කොයින් නිත්ය වන්නේද? “මහණෙනි, නාසය අනිත්යය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් නිත්ය වන්නේද? "මහණෙනි, දිව අනිත්යය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් නිත්ය වන්නේද? “මහණෙනි, කය අනිත්යය කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ කය කොයින් නිත්ය වන්නේද? “මහණෙනි, සිත අනිත්යය සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්රත්යවේද, එයද අනිත්යය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් නිත්ය වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)