1. 12. 8.
රාහුලෝවාද සූත්රය
121. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි රහසිගතව විවේකව වැඩ සිටියාවූ භාග්යවතුන් වහන්සේගේ සිතට මෙබඳු කල්පනාවක් පහල විය.
“රාහුලගේ අර්හත්ඵල ඥානය මුහුකුරුවන ධර්මයෝ මුහුකුරා ගියාහුය. මම රාහුල වැඩි දුරට ආශ්රවයන් නැසීමෙහි (රහත් වීමට) හික්මවන්නෙම් නම්,” යෙහෙක යනුයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුනේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්රණය කළ සේක: “රාහුලය, නිසීදනය (පත්කඩ) ගනුව. අන්ධවනය යම් තැනෙක්හිද, දවල් වාසය පිණිස එහි යන්නෙමුයි වදාළේය. එසේය, ස්වාමිනි’යි කියා ආයුෂ්මත් රාහුල තෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්යවතුන් වහන්සේ පසුපසින් ගියේය.
එකල්හි වනාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ භාග්යවතුන් වහන්සේ අද ආයුෂ්මත් රාහුලයන් වැඩිදුරට ආශ්රවයන් නැසීමෙහි හික්මවන්නේයයි, ලුහුබැඳ ගියාහු වෙත්. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අන්ධවනයට ඇතුල්ව එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩ හුන්සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නා වූ ආයුෂ්මත් රාහුලයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය:
“රාහුලය, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “චක්ඛු විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “චක්ඛු සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “චක්ඛු සම්ඵස්සය නිසා යම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් උපදීද, සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රාහුලය, කන නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “ශබ්දයෝ නිත්ය හෝ අනිත්ය වේද?” ... “සෝත විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” ... “සෝත සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” ... “සෝත සම්ඵස්සය නිසා යම් වේදනාවක්... උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” ... “රාහුලය, නාසය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “ගන්ධයෝ නිත්ය හෝ අනිත්ය වේද?” ... “ඝාණ විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” ... “ඝාණ සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” ... “ඝාණ සම්ඵස්සය නිසා යම් වේදනාවක්... උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “ රාහුලය, දිව නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “රසයෝ නිත්ය හෝ අනිත්ය වේද?” ... “ජිව්හා විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” ... “ජිව්හා සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” ... “ජිව්හා සම්ඵස්සය නිසා යම් වේදනාවක්... උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රාහුලය, කය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “ස්පර්ශය නිත්ය හෝ අනිත්ය වේද?” ... “කාය විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” ... “කාය සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” ... “කාය සම්ඵස්සය නිසා යම් වේදනාවක්... උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “රාහුලය, සිත නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ධර්මයෝ නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” ... “මනෝ විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය වේද?” ... “මනෝ සම්ඵස්සය නිත්ය හෝ අනිත්ය වේද?” ... “මනෝ සම්ඵස්සය නිසා යම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් උපදීද, සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්ය හෝ අනිත්ය වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රාහුලය, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් උපදීද, සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි... “නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි... “දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි... “කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි... “සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් උපදීද, සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්රතිපදාවය”යි භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
ඉදමවොච භගවා. සතුටු සිත් ඇත්තා වූ ආයුෂ්මත් රාහුල තෙමේ භාග්යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව දේශනා කරනු ලබන කල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගේ සිත උපාදාන රහිතව ආශ්රවයන්ගෙන් මිදුනේය.
නොයෙක් දහස් ගණන් දෙවියන්ටද යම් කිසිවක් හට ගැනීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේයයි, පහවූ රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති ධර්මචක්ෂුස (සතරමග සතරඵල නුවණ) පහළ විය.