1. 12. 9.
සංයෝජන සූත්රය
122. “මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මයන්ද සංයෝජනයද දේශනා කරන්නෙමි එය අසව්. මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මයෝ කවරහුද, සංයෝජනය කවරේද?
“මහණෙනි, ඇසින් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇළුම් කටයුතු වූ රූප ඇත්තාහ. මහණෙනි, මොවුහු සංයෝජනයන්ට හිතවූ ධර්මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. “මහණෙනි, කනෙන් දතයුතු වූ... ශබ්දයෝ ඇත්තාහ... “මහණෙනි, නාසයෙන් දතයුතු වූ... ගන්ධයෝ ඇත්තාහ... “මහණෙනි, දිවෙන් දතයුතු වූ... රසයෝ ඇත්තාහ... “මහණෙනි, කයින් දතයුතු වූ... ස්පර්ශයෝ ඇත්තාහ... “මහණෙනි, සිතින් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇළුම් කටයුතු වූ ධර්මාරම්මණයෝ ඇත්තාහ. මහණෙනි, මොවුහු සංයෝජනයන්ට හිතවූ ධර්මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය නම් වේයයි, වදාළේය.
1. 12. 10.
උපාදාන සූත්රය
123. “මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද, උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද, උපාදානය කවරේද?
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇළුම් කටයුතු වූ රූපයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ... ශබ්දයෝ වෙත්... “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ... ගන්ධයෝ වෙත්... “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ... රසයෝ වෙත්... “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ... ස්පර්ශයෝ වෙත්... “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇළුම් කටයුතු වූ ධර්මයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේයයි, වදාළේය.
ලොක කාමගුණ වර්ගයයි.
එහි උද්දානය:
මාරපාස සූත්ර දෙකක් ද, ලොකකාමගුණ සූත්රය ද, සක්ක, පඤ්චසිඛ, සාරිපුත්ත හා රාහුල සූත්ර ද, සඤ්ඤොජන හා උපාදාන සූත්ර දැයි මේ වර්ගය කියනු ලැබේ.
13. ගෘහපති වර්ගය
1. 13. 1.
වෙසාලි සූත්රය
124. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලාමහනුවර අසල මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්රත්ය කවරේද, මේ ලෝකයෙහි ඇතැම් සත්ව කෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්රත්ය කවරේද?,
“ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.
“ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ මේ ප්රත්යය වේ.
“ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.
“ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. මේ ප්රත්යය වේයයි වදාළේය.