1. 12. 5.
5. සක්කපඤ්හ සූත්රය
118. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජක්ඞකූට පර්වතයෙහි වැඩ වසන සේක. එකල්හි ශක්රදෙවේන්ද්ර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියා වූ ශක්රදෙවේන්ද්ර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ‘ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්වාණයෙන්) නොපිරිණිවෙත්ද, ඊට හේතු කවරේද, ප්රත්යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වකෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්රත්යය කවරේද?’ යනුයි.
“දෙවේන්ද්රය, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙලෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි. “දෙවේන්ද්රය, සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙලෙස් පරිණිර්වාණයෙන්) නොපිරිනිවෙයි. “දෙවේන්ද්රය, ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ගන්ධ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙලෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි. “දෙවේන්ද්රය, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙලෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි. “දෙවේන්ද්රය, කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ස්පර්ශ ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම (කෙලෙස් පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙයි. “දෙවේන්ද්රය, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ධර්ම ඇත්තාහ. ඉදින් භික්ෂුතෙම එය පතාද, එය ප්රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්රියයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන (තෘෂ්ණා ග්රහණයෙන් ගැනීම) කොට ඇත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන සහිතවූ භික්ෂුතෙම නොපිරිනිවෙයි. දෙවේන්ද්රය මේ ලෝකයෙහි යම් හෙයකින් ඇතැම් සත්ත්වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, (එයට) මෙය හේතුවේ. මේ ප්රත්යය වේ.
“දෙවේන්ද්රය, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි. දෙවේන්ද්රය, සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි. “දෙවේන්ද්රය, ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ගන්ධ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි. “දෙවේන්ද්රය, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රස ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි. “දෙවේන්ද්රය, කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ස්පර්ශ ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවෙයි. දෙවේන්ද්රය, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ධර්ම ඇත්තාහ. ඉදින් භික්ෂු තෙම එය නොපතාද, එය ප්රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන, එය ප්රියයයි නොකියන්නාවූ, එහි නොගැලී සිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවේන්ද්රය උපාදාන රහිතවූ භික්ෂුතෙම පිරිනිවන්පායි. දෙවේන්ද්රය මේ ලෝකයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම පිරිනිවන් පාත්ද, එයට මේ හේතුවේ. මේ ප්රත්යය වේයයි, (වදාළ සේක.)
1. 12. 6.
පඤ්චසිඛපඤ්හ සූත්රය
119. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජක්ඞකූට පර්වතයෙහි වූ විහාරයෙහි වැඩවසන සේක. එකල්හි පඤ්චසිඛ නම් ගාන්ධර්ව දිව්යපුත්රතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පඤ්චසිඛ නම් ගාන්ධර්ව දිව්යපුත්රතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “ස්වාමීනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්වාණයෙන්) නොපිරිනිවෙත්ද, ස්වාමීනි ඊට හේතු කවරේද, ප්රත්ය කවරේද? යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්රත්ය කවරේද, යනුයි.