1. 11. 6.
සංයෝජන සූත්රය
109. “මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මයන්ද, සංයෝජනයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මයෝ කවරහුද, සංයෝජනය කවරේද?
“මහණෙනි, ඇස සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. කන සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. නාසය සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. දිව සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. කය සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. සිත සංයෝජනයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි සංයෝජනය වේ. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිතවූ ධර්මයෝයයිද මෙය සංයෝජනයයිද කියනු ලැබෙත්යයි, (වදාළේය.)
1. 11. 7.
උපාදාන සූත්රය
110. “මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද, උපාදානය කවරේද?
“මහණෙනි, ඇස උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. කන උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. නැහැය උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. දිව උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක් වේද, එය එහි උපාදානය වේ. කය උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. සිත උපාදානයන්ට හිතවූ ධර්මය වේ. එහි යම් ඡන්දරාගයක්වේද, එය එහි උපාදානය වේ. මහණෙනි, මොව්හු උපාදානයන්ට හිතවූ ධර්මයෝයයිද මෙය උපාදානයයිද කියනු ලැබෙත්යයි, (වදාළ සේක.)
1. 11. 8.
පරිජානන සූත්රය
111. “මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුනුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. කන විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. නාසය විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. දිව විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. කය විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. සිත විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. “මහණෙනි, ඇසද, විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. කන විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. නාසය විශේෂ යෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. දිව විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. කය විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. සිත විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේයයි, (වදාළ සේක.)
1. 11. 9.
දුතියපරිජානන සූත්රය
112. “මහණෙනි, රූපයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ශබ්දයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ගන්ධයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. රසයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ස්පර්ශයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ. ධර්මයන් වනාහි විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු නොකරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ නොවේ.
“මහණෙනි, රූපයන්ද වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ශබ්දයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ගන්ධයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. රසයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ස්පර්ශයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේ. ධර්මයන් වනාහි විශේෂයෙන් දන්නේ, පිරිසිඳ දන්නේ, විරාගයට පමුණුවන්නේ, මාර්ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වූයේ වේයයි, (වදාළසේක.)
1. 11. 10.
උපස්සුති සූත්රය
113. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ නෑයන් විසින් කරනලද ‘ගිඤඡකාවසථයෙහි’ (උළු සෙවිලි ඇති ආවාසයක) වාසය කරන සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ රහසිගතව විවේකව වැඩවසමින් මේ ධර්ම පර්ය්යාය වදාළසේක.
“ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.
“කනද, ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ. “නාසයද, ගන්ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ. “දිවද, රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ. “කයද, ස්පර්ශයද, නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ. “සිතද, ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.
“ඇසද, රූපයන්ද නිසා නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ.
“කනද, ශබ්දයද නිසා නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ. “නාසයද, ගන්ධයද නිසා නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ. “දිවද, රසයද නිසා නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ. “කයද, ස්පර්ශයද නිසා නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේ. “සිතද, ධර්මයන්ද නිසා නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම නිසා ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාව ඉතිරිනොකොට මාර්ගයෙන් පහකිරීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භවය නිරෝධ වේ. භවය නිරෝධවීම නිසා ජාතිය නිරෝධවේ. ජාතිය නිරෝධවීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් උපායාස යන මොහු හටනොගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරෝධය වේයයි (වදාළේය.)