1. 11. 4.
ලෝකසමුදය සූත්රය
107. “මහණෙනි, ලෝකයාගේ හටගැනීමද විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. ‘මහණෙනි, ලෝකයාගේ හටගැනීම කවරේද යත්? ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
“කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “නාසයද ගන්ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “දිවද රසද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “කයද ස්පර්ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “සිතද ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
“මහණෙනි, ලෝකයාගේ විනාශය කෙසේදයත්? ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරුද්ධ කිරීම වේ. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ විනාශය වේ.
“කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. “නාසයද ගන්ධයද නිසා ඝාණ විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. “දිවද රසද නිසා ජිව්හා විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. “කයද ස්පර්ශයද නිසා කාය විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. “සිතද ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරුද්ධ කිරීම වේ. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ විනාශය වේයයි (වදාළ සේක.)
1. 11. 5.
සෙය්ය සූත්රය
108. “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇතුලත්කොටගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වේද, මම සදෘශයෙක් වෙමියි කියා හෝ වේද, මම හීනයෙක් වෙමියි කියා හෝ වේද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින් කියාදෙතොත් හොඳය.
“මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇස ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි. “මහණෙනි, කන ඇති කල්හි කන නිසා කන ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි. “මහණෙනි, නාසය ඇති කල්හි නාසය නිසා නාසය ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි. “මහණෙනි, දිව ඇති කල්හි දිව නිසා දිව ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි. “මහණෙනි, කය ඇති කල්හි කය නිසා කය ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි. “මහණෙනි, සිත ඇති කල්හි සිත නිසා සිත ඇතුලත්කොට ගෙන මම ශ්රේෂ්ඨයෙක් වෙමියි කියා හෝ වෙයි. මම සදෘශයෙක් වෙමියි කියා හෝ වෙයි. මම හීනයෙක් වෙමියි කියා හෝ වෙයි.
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, ඇස නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි.
“කන නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි. “නාසය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි. “දිව නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය., “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි. “කය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි. “සිත නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්යද එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්යද, දුකද, පෙරළෙන ස්වභාවයෙන් යුක්තද එය (තණ්හාදී වශයෙන්) නොගෙන ‘මම ශ්රේෂ්ඨයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම සදෘශයෙක් වෙමියි’ කියා හෝ වන්නේද, ‘මම හීනයෙක් වෙමියි’ කියා හෝ වන්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමැයි.
“මහණ මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණ ඇතිවෙයි. ඉපදීම ක්ෂය විය. බ්රහ්මචරියාවෙහි හැසිරෙන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)