1. 11. 10.
උපස්සුති සූත්‍රය
113. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ නෑයන් විසින් කරනලද ‘ගිඤඡකාවසථයෙහි’ (උළු සෙවිලි ඇති ආවාසයක) වාසය කරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රහසිගතව විවේකව වැඩවසමින් මේ ධර්‍ම පර්‍ය්‍යාය වදාළසේක.
“ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ හටගැනීම වේ.
කනද ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැනීම වේ. නාසයද ගන්ධයන්ද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැනීම වේ. දිවද රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැනීම වේ. කයද පහස ලබන අරමුණුද (ඵොට්ඨබ්බ) නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැනීම වේ. සිතද ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානය වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු හටගනිත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැනීම වේ.
ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ.
කනද ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ. නාසයද ගන්ධයන්ද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ. දිවද රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ. කයද පහස ලබන අරමුණුද (ඵොට්ඨබ්බ) නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ. සිතද ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ස්පර්ශය වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වේ. වේදනාව හේතුකොටගෙන තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවම ඉතිරි නොකොට (මාර්ගයෙන්) නොඇලීමෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය වේ. භව නිරෝධය නිසා ජාති නිරෝධය වේ. ජාති නිරෝධය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේ යැයි (වදාළ සේක).
එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසාගෙන සිටියේ වෙයි. සමීපයෙහි අසාසිටි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටුසේක. දැක ඒ භික්‍ෂුවට මෙය වදාළේය. “මහණ නුඹ මේ ධර්‍මපර්‍ය්‍යාය ඇසුවෙහිද?, කියායි. “එසේය ස්වාමිනියි, හේ පිළිතුරු දිනි. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය උගනුව. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය පුරුදුකරව. මහණ නුඹ මේ ධර්‍ම පර්‍ය්‍යාය දරව. මහණ මේ ධර්‍ම පර්‍ය්‍යාය තෙම ආදි බ්‍රහ්මචරියක (බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීමට මුල්) වූයේ, වැඩ පිණිස පවතින්නේ වේයයි, වදාළ සේක.
පළමුවන යොගකෙඛමිය වර්‍ගය නිමි.
එහි උද්දානය:
යෝගක්ඛේමි, උපාදාය, දුක්ඛ, ලෝක, සෙය්‍ය, සංයෝජන, උපාදාන, පරිජානන සූත්‍ර දෙක හා උපස්සුති සූත්‍රය යි.