1. 10. 5.
සංවර සූත්‍රය
98. “මහණෙනි, තොපට සංවරයද අසංවරයද දේශනා කරන්නෙමි, එය අසව්. මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාළේයයි දතයුතුයි.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ රසයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ වෙත්. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි අසංවරය වෙයි.
“මහණෙනි, කෙසේනම් සංවරය වේද, මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි සංවරය වේයයි, වදාළ සේක
1. 10. 6.
සමාධි සූත්‍රය
99. “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්‍ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනියි. කුමක් තත්වූ පරිද්දෙන් දැනගනණීද? ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රූපයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි.
“කන අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ශබ්දයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ගන්‍ධයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රසයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි.
“කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ස්පර්‍ශයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ධර්‍මයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්‍ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනීයයි, වදාළ සේක