1. 10. 6.
සමාධි සූත්‍රය
99. “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනියි. කුමක් තත්වූ පරිද්දෙන් දැනගනණීද? ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රූපයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි.
“කන අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ශබ්දයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ගන්ධයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රසයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි.
“කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ස්පර්ශයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ධර්මයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනීයයි, වදාළ සේක
1. 10. 7.
පටිසල්ලාන සූත්‍රය
100. “මහණෙනි, කාය විවේකයෙහි යෙදී වාසය කරව්. මහණෙනි,කාය විවේකයෙන් යුක්තවූ භික්ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනියි. කුමක් නම් තත්වූ පරිද්දෙන් දනියිද,
“ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රූපයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “කන අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ශබ්දයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ගන්ධයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රසයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ස්පර්ශයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ධර්මයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි. “මහණෙනි,කාය විවේකයෙහි යෙදී වාසය කරව්. මහණෙනි,කාය විවේකයෙන් යුත් භික්ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනීයයි, වදාළේය.
1. 10. 8.
න තුම්හාක සූත්‍රය
101. “මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. දුරු කරන ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද? මහණෙනි, ඇස තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කරන ලද්දාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
චක්ඛු විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. චක්ඛු සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
“කන තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. සෝත විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “නාසය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ගන්ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. ඝාණ විඤ්ඤාණය තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද තොපගේ නොවෙයි. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. “දිව තොපගේ නොවේ. එය දුරු කරව්. දුරු කළාවූ එය තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරු කළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.