1. 10. 3.
පරිහානධම්‌ම සූත්‍රය
96. “මහණෙනි, තොපට පිරිහීමට හේතුවන ධර්‍මයද නොපිරිහීමට හේතුවන ධර්‍මයද මැඩපවත්වන ලද සවැදෑරුම්වූ ආයතනයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, පරිහානි ධර්‍මය කෙසේනම් වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් හට ඇසින් රූපයක් දැක අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි දත යුතුයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කනෙන් ශබ්දයක් අසා අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගඳක් දැන අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රස විඳ අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමුණු දැන අරමුණු කරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි පරිහානි ධර්‍මය වේ.
“මහණෙනි, කෙසේ නම් අපරිහානි ධර්‍මය වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කනෙන් ශබ්දය අසා අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධය දැන අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසය දැන අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමුණු දැන අරමුණු කරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි අපරිහානි ධර්‍මය වේ.
“මහණෙනි, සවැදෑරුම්වූ නොවඩන ලද ආයතන සය කවරහුද? “මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපය දැක අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කනෙන් ශබ්යක් අසා අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් දැන අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමමණයන් දැන අරමුණට දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. මහණෙනි, මොහු සවැදෑරුම්වූ නොවඩන ලද ආයතනයෝයයි කියනු ලැබෙත්යයි, (වදාළේය.)
1. 10. 4.
පමාදවිහාරී සූත්‍රය
97. “මහණෙනි, ප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද අප්‍රමාදව වාසය කරන්නාවූ පුද්ගලයාද තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කෙසේනම් ප්‍රමාදව වාසය කරන්නේ වෙයිද? “මහණෙනි, චක්ඛු ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පසසඬිය (දාහසංසිඳීම) නොවෙයි. පසසඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, සෝත ඉන්‍ද්‍රියයේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ. “මහණෙනි, ඝාණ ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පසසඬිය (දාහසංසිඳීම) නොවෙයි. පසසඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ. “මහණෙනි, ජිව්හා ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ. “මහණෙනි, කාය ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණේ. “මහණෙනි, මනෝ ඉන්‍ද්‍රියයාගේ සංවරයක් නැතිව වාසය කරන්නහුගේ සිත මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත්වේ. ඒ ක්ලේශයන්ගෙන් තෙත්වූ සිත් ඇත්තහුගේ ප්‍රමෝදය (දුර්‍වල ප්‍රීතිය) නොවෙයි. දුර්‍වල ප්‍රීතිය නැති කල්හි බලවත් ප්‍රීතිය නොවෙයි, බලවත් ප්‍රීතිය නැති කල්හි පස්සඬිය (දාහසංසිඳීම) නොවෙයි. පස්සඬිය නැති කල්හි දුකසේ වාසය කරයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිත ඇති කල්හි සමථ විදර්‍ශනා ධර්‍මයෝ පහල නොවෙත්. ධර්‍මයන්ගේ පහල නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණෙයි. මහණෙනි, මෙසේ වනාහි ප්‍රමාදව වාසය කරන්නේ වෙයි.